සිරස ලක්ෂපති වැඩසටහනට මහේල හා සංගා සහභාගී වූ අයුරු

පසුගියදා එම්ටීවී ස්පෝර්ට්ස් නාලිකාව ඔස්සේ විකාශය වුනු "Who wants to be a millionaire" (සිරස ලක්ෂපති) වැඩසටහනට සහභාගිවුයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දෙදෙනෙකු වූයේ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන දෙපලයි.

ඔවුන් මෙම වැඩසටහනට සහභාගී වී තිබුනේ "Foundation of Goodness" නම් පදනමට එම වැඩසටහනෙන් හිමිවන ත්‍යාග මුදල පිරිනැමීමේ අරමුණ පෙරදැරි කොටගෙනය.

තරඟය ආරම්භ කිරීමට මත්තෙන් සංගක්කාර යහළුවෙකු ලවා යෙහාලි ගේ නිවස ඉදිරිපිට මල් තබා නිවසේ සීනුව නාදකොට දිව ගිය අයුරුත්, මහේලට ක්‍රිස්ටිනා කැමැත්ත ගැනීමට අවුරුද්දක් බලාසිටීමට වූ කතාවත් සංගක්කාර හා මහේල විසින් හෙළිකරන ලදී.


තරඟයේ ආරම්භයේ පටන් සංගක්කාර හා මහේල ඉතා දක්ෂ අයුරින් එම වැඩසටහනේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන ලදී. එම වැඩසටහනේ අවසාන කොටස මෙම සතියේ විකාශය වීමට නියමිතය.





IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment