චීනය සිය ප්‍රථම රෝවරය හඳට යවයි

චීනය විසින් සිය ප්‍රථම රෝවරය ඊයේ සඳ මතට යැවුවා. ඒ Chang'e-3 නම් වූ අඩි 185ක් පමණ දිග ලෝන් මාර්ච්-3 නම් රොකට්ටුවෙන්.

ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.00 ට පමණ චීනයේ Xichang අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවනය ගිය එය දෙසැම්බර් 14 වෙනිදා සඳ මතුපිටට ගොඩබස්වනු ලබයි.

1976 වසරෙන් පසු පසුගිය වසර 37 පුරාවට චන්ද්‍රයා මතුපිටට යානයක් ගොඩබස්වන ප්‍රථම වතාව මෙයයි. චීන සඳ අධ්‍යයන ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස මෙය සිදුවුණි.


මීට පෙර රෝවර් 2ක් සඳ මතුපිටට ගොඩබස්වා ඇති නමුත් මෙහි නූතන අංගෝපාංග රාශියක් අඩංගුය.

Yutu නම් වූ මෙම රෝවරය චන්ද්‍රයාගේ Sinus Iridum ආවාටයට ගොඩබැස්වීමට නියමිතය.

රෝද 6කින් යුක්ත මෙය අඩි 5ක් පමණ දිගින් යුක්තය. මාස 3ක කාලයක් පුරා සඳ මත කිලෝමීටර් 10ක දුරක් ගමන් කිරීමට නියමිත අතර එහිදී චන්ද්‍රයා මතුපිට වර්ග කිලෝමීටර් 3ක භූමි ප්‍රමාණයක් ආවරණය කරගැනීමට නියමිතය.

මෙහි සවිකර ඇති කැමරා මඟින් ලබාගන්නා වීඩියෝ ඒම මොහොතේම (රියල් ටයිම්) පෘතුවියට එවීමට බලාපොරොත්තු වන අතර රෝවරයේ යට සවිකර ඇති රේඩාර් උපකරණ මඟින් අඩි 30ක් පමණ ගඹුරට පස පිළිබඳ තොරතුරු ලබාගැනීමටද නියමිතය.

2007 හා 2010 වසර වලින් පසු චන්ද්‍රයා සම්බන්ධව චීනය රොකට්ටුවක් අභ්‍යාවකාශගත කළ තුන්වන අවස්ථාව මෙයයි. යානයක් ගොඩ බැස්වීමෙන් පසු 2025දී චීන ගනගාමියෙකු සඳ මතුපිටට යැවීමටද චීනය බලාපොරොත්තුවේ.

රෝවරය රැගත් රොකට්ටුව අභ්‍යාවකාශගතවූ අයුරු පහතින්.




රෝවරයේ ජායාරූප පහතින්.




IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment