තුඹසක් අසල වේදනාවෙන් සිටිනා නාගයකු දැක, එම නාගයාගේ සිරුරේ තිබුණ සැරව ගෙඩියක් ඉවත් කළ බුද්ධදාස රජුගේ කතා පුවතක් ජනප්‍රවාදයේ ඇත.
මේ ආකාරයේ විවිධ ප්‍රමාණයේ විස ගෙඩි 12ක් නිසා ජීවත්වීමේ තර්ජනයට කාලාන්තරයක් තිස්සේ ගොදුරුවී සිටි විෂඝෝර නාගයකු පසුගියදා ප්‍රතිකාර කර තිබේ.
ගම්පහදී හසුවූ අඩි 3 1/2ක් පමණ දිග මේ විෂඝෝර නාගයා ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයට ගෙනැවිත් ප්‍රතිකාර කර තිබුණේ වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර නම් පශු වෛද්‍යවරයා විසිනි. මේ පිළිබඳව පහු පවසන්නේ මෙවැන්නක්.
"මුලින් මට දැනගන්න ලැබුණේ මේ සතාගේ ශරීරයේ ගෙඩි 5ක් විතර තිබෙනවා කියලා. නයා දැකලා තිබුණෙත් නෑ. ඒත් මම කිව්ව අපි ගෙනල්ලා බලමු කියලා.'
නාගයාව වනජීවී පුහුණු කේන්ද්‍රයට ගෙනාවට පස්සේ පරීක්‍ෂා කරලා බලද්දි තමයි උගේ සිරුර පුරා ගෙඩි කීපයක්ම තිබෙනවා කියලා දැකගන්න ලැබුණේ. නාගයාගේ පෙණේ ළඟ කටට අඟල් දෙකක් පමණ පහළින් 3ජථ ක විතර විෂ්කම්භයක් තියෙන ගෙඩියක් තිබුණා.
ඒ නිසා එයාට කෑම ගැනීමේ පවා අපහසුවක් තිබුණා. ඊළඟට කටට ටිකක් ඈතින් තව ගෙඩි 4ක් විතර තිබුණා. සිරුර පුරාම ප්‍රමාණයෙන් කුඩා ගෙඩි 12ක් විතර තිබුණා. නාගයාගේ කට අසලම තරමක් විශාල ගෙඩියක් තිබුණ නිසා අපටත් අපහසුයි මෙයාට ප්‍රතිකාර කරන්න.
ඒත් වැඩේ අත අරින්න හිත දුන්නෙත් නෑ. සාමාන්‍යයෙන් අපට හමුවෙන සර්පයන් මින්නේරිය පාර්ක් එකට නිදහස් කරනවා. ඒත් මේ සතා එහෙම නිදහස් කළොත් ඌට වේදනා විඳිමින් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. අන්තිමේදී අපි තීරණය කළා මෙයාගේ ගෙඩි ඉවත් කරන්න.
අපි මුලින්ම හැදුවේ නාගයාගේ සිහිය නැති කරන්නේ නැතිව මේ ගෙඩි ටික ඉවත් කරන්න. ඒත් පසුව අපිට වැටහුණා එහෙම සැත්කම කරද්දි මේ සතාට වේදනා විඳින්න සිදුවෙයි කියලා. මොකද ඒ ගෙඩි පිහිටලා තිබුණේ හම ඇතුළේ.
කොහොම වුණත් පශු වෛද්‍ය ආයතනයේ කාටවත් සර්පයන් නිර්වින්දනය සම්බන්ධයෙන් දැනුමක් තිබුණේ නෑ. ඒ ගැන අත්දැකීමකුත් නෑ. මේ ගැන අවබෝධයක් ගන්න අන්තර්ජාලය හරහා පවා උත්සාහ ගත්තා. මොනවද මේ සඳහා පාවිච්චි කරන නිර්වින්දන බෙහෙත්? කොයි තරම් ප්‍රමාණයක්ද ලබා දෙන්නේ? මේ වගේ දේවල්.
දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ජගත් ජයසූරිය මහතාත් අපිට මේ කාර්යයට උදව් කළා. අවසානයේ අපි තීරණය කළා සර්පයාව නිර්වින්දනය කරලා මේ සැත්කම කරන්න.
මෙයාට සිහිය නැති කරන්න කලින් කෑම කන්න දීලා ඊළඟට පැය 12ක් විතර කෑම නොදී ඉන්න ඕනෑ. ඔය වැඩ ටික කරලා ඉවර වෙලා තමයි අපි නාගයාව නිර්වින්දනය කළේ. ඒ සඳහා අපි භාවිත කළේ මිනිසුන්ට පවා පාවිච්චි කරන බෙහෙතක්.
ලොකු ගෙඩි පහ ඉවත් කරද්දී ලේ ගලන්න පටන් ගත්තා. ඒ නිසා අපි ඒ තුවාලවලට මැහුම් දැම්මා. ඊට පස්සේ ඉවත් කරපු පුංචි ගෙඩිවලට මැහුම් දාන්න අවශ්‍ය වුණේ නෑ. ඊට පස්සේ අපිට මෙයාට සේලයින් ලබාදෙන්න සිදු වුණා.
ඒ වගේම විටමින් වර්ග ප්‍රතිජීවක වර්ග සියල්ලක්ම අපි මෙයාට ලබා දුන්නා. මැහුම් කපන්න දින 10ක් පමණ ගතවෙන නිසා දැනට මේ නාගයා අපි ළඟ ඉන්නවා. දැන් එයාට බොහෝ දුරට සුවයි. පෙණේ ළඟ මැහුම් දාලා තියෙන නිසා පොඩ්ඩක් පෙණේ පුප්පද්දි නම් අපහසුතාවක් තියෙනවා. ඒත් ඒක මැහුම් කැපුවම හරියයි.
මම මීට කලින් කිඹුලන්, තලගොයන් වගේ සතුන්ට මෙවැනි සැත්කම් කරලා තිබුණත් උග්‍ර විෂ සහිත සර්පයකු නිර්වින්දනය කරලා ප්‍රතිකාර කළ මුල්ම අවස්ථාව තමයි මේ.
පරිසරයේ සමතුලිතතාවට මේ සතුන්ගේ පැවැත්ම අත්‍යවශ්‍යයි. කෘමිනාශක භාවිතය, කැලෑ එළිකිරීම ආදිය නිසා සර්පගහනය දැන් බොහෝ දුරට අඩුවී තිබෙනවා. සර්පයෝ මිනිසුන්ව එළවගෙන ඇවිල්ලා දෂ්ට කරන ජාතියක් නෙවෙයි. අපි විමසිල්ලෙන් ඉන්නවා නම් උන්ගෙන් අපිට හිරිහැරයක් වෙන්නේ නෑ.
බුදු හාමුදුරුවෝ දේශනා කළේ හැම සතකුටම මෛත්‍රි කරන්න කියලා. ඒ නිසා ඕනෑම සතෙක් වෙනුවෙන් අපිට පුළුවන් උපරිමය අපි කරනවා."
නොබෝ දිනකින් සම්පූර්ණ සුවය ලබන පෙර කී නාගයා මින්නේරිය උද්‍යානයට නිදහස් කිරීමට නියමිතය.

Put the internet to work for you.
Post a Comment