ඒ අනුව කලාකරුවන් වෙනුවෙන් රටපුරා නිවාඩු නිකේතන පහක් ඉදි කිරීම හා කාන්තා හිංසනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් රැකවරණ ස්ථාන ඉදි කිරීම අයවැය මගින් අනුමත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි විසින් සිදු කල යෝජනා අනුවය.
එම යෝජනා පිළිබඳවත් ඒවා ජනපතිවරයා විසින් අයවැයට ඇතුල් කරගැනීම සම්බන්ධයෙනුත් උපේක්ෂා අදහස් පලකලේ පහත පරිද්දෙනි.
මෙවර අයවැය අපේ රටේ ඉන්න දු දරුවන්ට හා කාන්තාවන්ට ප්‍රගතශීලි අයවැයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම මගේ ජීවිතේට ඉතාමත් සුවිශේෂී අවුරුද්දක්..මොකද මම ඉදිරිපත් කරපු යෝජනා තුනකින් දෙකක්ම අතිගරු ජනාපධිපතිවරයා පිළිඅරගෙන අයවැයට ඇතුලත් කරලා තියෙනවා.
කලාකාරිනියක් හැටියට මම ජනතා නියෝජිතවරියක් උන නිසා...
(රන්ජන් කතාවට බාධා කරයි)
මගේ කාලේ නාස්ති කරන්න එපා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා...
කලාකරුවන්ට මගේ ඉල්ලීම් මත නිවාඩු නිකේතන පහක් ඉදිකරන්න අවශ්‍යය ඉඩම් සහ මුලික ප්‍රාග්ධනය ලබාදීමට අවශ්‍යය කැමැත්ත ලබාදීම පිළිබඳව ස්තුතිය පළකරනවා..
යෝජනා කරපු තවත් යෝජනාවක් තමයි හිංසනයට ලක්වන කාන්තාවන් සහ දරුවන් විශේෂයෙන්ම දරුණු අවස්ථාවන් වලදී , රැකවරණ නිවාස ස්ථාපිත කරන්න කියල මම යෝජනා කළා.එක විතරක් නෙවෙයි දැනට පවතින සැලසුම් ශක්තිමත් කිරීම සඳහා මිලියන 300 ක් වෙන් කරලා තියෙනවා...
"ඊයේ රන්ජන් මාව නවටවන්න හැදුවා..එත් මම නැටුවේ නැහැ මගේ ආගම දහම අනුව මම රන්ජන් රාමනයක් දකින්නේ බැටළු හමක් පොරවගත්ත නරියෙක් විදියට", ඇතුළු උපේක්ෂා ගේ සම්පුර්ණ කතාව පහතින් බලන්න
Put the internet to work for you.
Post a Comment