මව නිවසට එද්දී පියා දුව දූෂණය කර කර ඉඳලා !

මව ප්‍රදේශයේ රැස්වීමකට ගොස් නිවෙසට එද්දී තිදරු පියා තම 11 හැවිරිදි වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවීමේ පුවතක් නිකවැරටිය පොලිසියෙන් වාර්තා වේ. නිකවැරටිය නූගත්පොළ හුළුගල්ල ප්‍රදේශයේ පදිංචි බිරිය ඉකුත්දා (24දා) තම සැමියාට එරෙහිව පැමිණිල්ලක් කාන්තා හා ළමා කාර්යාංශය වෙත සිදුකර ඇත.

ඇය ප්‍රදේශයේ රැස්වීමකට ගොස් පැමිණි අවස්ථාවේ බාලදරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවෙස තුළදී මෙම දූෂණය සිදුවී ඇති බවත් මව පැමිණිලි කර ඇත. 

පොලිසිය විසින් කරන කරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිවිය මීට වසර තුනකට පෙර සිට පියා විසින් විටින් විට දූෂණයට ලක්ව ඇති බවයි. ඒ අනුව දැරිය නිකවැරටිය රෝහල වෙත යොමුකොට ඇත. සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇත.
 කුරුණෑගල - පියුම් පලිහවඩන

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment