
ඒ අනුව එහි වර්තමාන සභාපතිවරයා මොහාන් සමරනායක ඉන් ඉවත් කිරීමට සූදානම් වේ. ඒ වෙනුවෙන් කිසිවෙකු පත්කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැත.
ලේක්හවුස් සභාපති බන්ධුල පද්මකුමාර ඉවත් කොට ඒ වෙනුවට ගයිරික පේරුසිංහ පත් කිරීමට නියමිත අතර ක්‍රියාකාරී අධ්‍යක්ෂ මණ්ඩලයට චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ සහ මානව සම්පත් සභාවේ හිටපු සභාපති නිමල් බෝපගේ පත්කිරීමට නියමිත බව වාර්තාවේ.
රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර කැනඩාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කර දිවයිනට පැමිණි කරුණාරත්න පරණවිතාන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

Put the internet to work for you.
Post a Comment