අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කොමිෂන් සභාවක් ස්ථාපනය කරනු ලැබුවේ 1994 වසරේදීය. ඒ සදහා පිටුබලය සපයනු ලැබුවේ 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මගිනි.
1994 දෙසැම්බර් 15 වැනිදා ආරම්භ කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ සිවුවැනි වතාවට පත් කරන ලද කොමිෂන් සභා සාමාජිකයන්ය.
මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති නමුත් එකී චෝදනා අරබයා ඔවුන්ගේ ක්‍රියාත්මක වීම සිදුවන්නේ ප්‍රමාණවත් වේගයකින්ද යන්න පිළිබදත් එහි ක්‍රියාකාරිත්වය පිළිබදත් මේ වනවිට සමාජයේ කතිකාවක් ගොඩනැගෙමින් තිබේ.
මේ වනවිට දේශපාලනඥයන් විශාල පිරිසක් මෙම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණයන්ට මුහුණදෙමින් සිටිතැයි වාර්තා වන අතර මෙම ලිපිය මගින් අප විමසා බලනුයේ අදාළ කොමිෂන් සභාවට මේ පිළිබද ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබදය.
අල්ලස් යනු කුමක්ද?
අල්ලසක් යනු නීත්‍යනුකූල කටයුත්තක් කරගැනීම සදහා යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මුදල් හෝ වෙනත් ත්‍යාගයක් ලබාදීම, ලබාගැනීම, යෝජනා කිරීමය. මේ අනුව අල්ලස් ලබාදීම හෝ ලබාගැනීම සලකනු ලබන්නේ දඩුවම් ලැබිය හැකි වරදක් වශයෙනි.
ටෙන්ඩර් ලබාදීම, යම් යම් සේවාවන් සදහා ගිවිසුම්ගත වීම, කිසියම් කාර්යයක් ඉක්මනින් සිදුකිරීමට මුදල් ලබාගැනීමෙන් හෝ ත්‍යාගයක් ලබාගනිමින් එකඟවීම වැනි කාරණාවන් මේ අනුව දඩුවම් ලැබිය හැකි වරදවල් ලෙස හඳුනා ගත හැකිය. මේ සම්බන්ධයෙන් ලෝකයේ අවධානය දැඩි ලෙස යොමුව ඇත්තේ ජාත්‍යන්තර ගනුදෙනු, ව්‍යාපාර හා වෙනත් ව්‍යාපෘතීන් අරබයා රටවල් අතර සිදුවන්නාවූ එකඟතා වෙනුවෙන් මෙය බලපවත්වන බැවිනි.
දැනට ලෝක බැංකුව විසින් මෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි රාජ්‍ය නොවන ආයතන මගින් සිදුකොට ඇති සමීක්ෂණවලදී මේ පිළිබද සංඛ්‍යා දත්ත මගින් දළ අදහසක් ලබා ගැනීමට හැකියාව තිබේ.
දැනට මේ සම්බන්ධයෙන් නිකුත්ව ඇති නවතම වාර්තාවේ දැක්වෙන්නේ දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩි වශයෙන් අල්ලස් දූෂණ සිදුකරමින් යම් කාර්යයක් සිදුකිරීමේ හැකියාව සහිත රාජ්‍යය වනුයේ බංග්ලාදේශය බවයි. එය සියයට හැට හයකැයි පිළිගැනේ. වෙනත් ආකාරයකින් එය දක්වන්නේ නම් සෑම සිවු දෙනෙකුගෙන් තිදෙනෙක්ම රාජකාරි කටයුත්තක් කරගැනීම සදහා අල්ලස් ලබාදීමට බංග්ලාදේශයේදී සිදුවීම ස්වාභාවික තත්ත්වයය.
මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ සියයට 24ක් ලෙසය. එය තවත් ආකාරයකින් කියන්නේ නම් සෑම සිවු දෙනෙකුගෙන් එක් අයෙක්ම රාජ්‍ය අංශය මගින් කාර්යයක් කරගන්නට අවශ්‍ය නම් අල්ලස් ලබාදිය යුතුව ඇත. මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට වැඩිම අල්ලස් හා දූෂණ ප්‍රමාණයක් ලබාගන්නා ආයතන වශයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වන්නේ ආදායම් බදු ගෙවීමේ කාර්යාවලියෙන් යම් ආකාරයක සහනයක් ලබාගැනීමටය. එය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ 2011 වාර්තාවට අනුව දක්වන ආකාරයට සියයට 63කි.
මින් අනතුරුව රේගුව (33), පොලීසිය(32), ඉඩම් කටයුතු අරබයා වන ආයතන(30) වශයෙන් අල්ලස් ලබාදීමේ ප්‍රතිශතය පිළිවෙළින් වැඩිවී ඇත. ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන්ම අල්ලස් ලබාදීම සිදු කරනුයේ යම් කිසි ව්‍යාපෘතියක් දියත් කිරීම වේගවත් කිරීම සදහා ගෙවනු ලබන අල්ලස් වශයෙනි.
කෙසේ නමුත් මේ වාර්තාව ඉක්මවා ගොස් 2012 වසර වනවිට තත්ත්වය තවදුරටත් බැරෑරුම් වෙමින් තිබේ. ලෝකයේ අල් ලස් දූෂණ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ලෝකයේ රාජ්‍යයන්හි අල්ලස්, දූෂණ ලැයිස්තුවේ ශී්‍ර ලංකාවට හිමිව ඇත්තේ 79 වැනි ස්ථානයය. මෙහිදී ශ්‍රී ලංකාවට හිමිව ඇති ලකුණු ප්‍රමාණය සියයට හතළිහකි.
දකුණු ආසියාවේ ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් සිටිනුයේ ශ්‍රී ලංකාවට වඩා පහළිනි. ලොව දූෂණ, වංචාවලින් අඩුම රටවල් අතරට එක්ව ඇත්තේ ඩෙන්මාර්කය වන අතර මෙයට ඇතුළත් ආසියානු රාජ්‍යයන් අතර පිළිවෙළින් සිංගප්පූරුව පස්වැනි ස්ථානයත්, හොංකොං 14 වැනි ස්ථානයත්, ජපානය 17වැනි ස්ථානයත් දිනාගෙන ඇත.
ඊට අමතරව භූතානය, තායිවානය, දකුණු කොරියාව, බෘනායි හා මැලේසියාව යන රටවල් සිටිනුයේ ශ්‍රී ලංකාවට වඩා ඉහළිනි. ආසියා ශාන්තිකර කලාපයෙන් ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය මෙම ලැයිස්තුවේ මුල් රටවල් විස්ස අතර ස්ථානගත වන අතර සෙසු බොහෝ රටවල් අයත්වන්නේ යුරෝපයටය. මේ අනුව පැහැදිලි වන්නේ ලොව අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරේ ඇත්තේ අයහපත් පිළිගැනීමක් බවය.
කලාපයේ ඉදිරියෙන් සිටියද මේ වනවිට දේශීය ජනතාව සහභාගි කරවා ගනිමින් සිදුකරන ලද මධ්‍යස්ථ ජාත්‍යන්තර පර්යේෂණයන් මගින් ඒත්තු ගැන්වෙමින් ඇත්තේ ශ්‍රී ලංකාව ලෝකයේ අල්ලස් හා දූෂණ අරබයා වැඩි නැඹුරුතාවක් දක්වන රාජ්‍යයක් වශයෙනි. මේ අතර ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් අල්ලස් හා දූෂණ සිදුවන ක්ෂේත්‍ර සේ පොලිස් සේවය හා දේශපාලන ක්ෂේත්‍රය සැලකෙන අතර එය ප්‍රතිශතයක් වශයෙන් පිළිවෙළින් සියයට 64ක් හා සියයට 51කැයි 2012 වසරේ නිකුත්වූ වාර්තාවකින් කියැවේ.
පාර්ලිමේන්තුව හා නීති කෙටුම්පත් සම්පාදනයේදී සියයට 39ක්ද, හමුදා හා ආරක්ෂක ක්ෂේත්‍රයන්හි එය සියයට 13ක් වශයෙන්ද, රාජ්‍ය නොවන සංවිධාන සියයට 23ක්ද, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සියයට 33ක්ද, සිවිල් සේවාවන්හි සියයට 33ක් වශයෙන් සදහන් වේ. මෙම තත්ත්වය දිගින් දිගටම වර්ධනය වනු විනා පහළ බසින ආකාරයක් දක්නට නොලැඛෙන්නේ යැයි පැවසිය හැක්කේ රට තුළ ආර්ථීක වශයෙන් සිදුවෙමින් ඇති විපර්යාස දරා ගැනීමට රාජ්‍ය සේවකයා සතු හැකියාව සැලකිල්ලට බදුන් කිරීමේදීය.
දේශපාලනයේ දූෂණය
පසුගියදා ජනමාධ්‍ය ඔස්සේ වාර්තාවූ තොරතුරකට අනුව කියැවුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දේශපාලනඥයන් වැඩි පිරිසකගේ ආදායම් උපයා ගැනීම් පිළිබදව පැමිණිලි පෙත්සම් යොමු කරමින් හා යොමු කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවය. ඒ යටතේ දේශපාලනඥයන් රැසකගේ නම් කියැවුණේය. මෙලෙසින් හදුනාගෙන ඇති දූෂණ හා වංචාවන්ට සම්බන්ධ යැයි කියනු ලබන දේශපාලනඥයන් පිළිබද තොරතුරු සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට රටේ ඉහළම නිලතල දරන්නන්ගේ ඍජු අනුග්‍රාහකත්වයක් හා ආශිර්වාදය සැපයෙමින් ඇතැයි යන මතයක්ද වාර්තාගත වෙමින් තිබුණේය.
මේ වනවිටත් අමාත්‍ය මර්වින් සිල්වා හා මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් පැමිණිලි විභාග කිරීම ආරම්භ කොට ඇතැයිද වාර්තා විණි. මෙහිදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගිය කාලවකවානුවේදී උපයා ගන්නා ලද වත්කම් මිලට ගත්තේ කවරාකාරයෙන්ද යන්න පිළිබද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදුකරනු ලබන පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි ඉල්ලීමක් කර තිබූ බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණේය.
මේ අතර ක්‍රිඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ යම් යම් දේපළ මිලට ගැනීම් පිළිබද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැමිණිල්ලක් විභාග කරමින් ඇත. එහිදී ඔහු විසින් මිලට ගත් කොළඹ හා මහනුවර ප්‍රදේශ ඉහළ වටිනාකමකින් යුත් බිම් කොටස් හා නිවාස සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බව අල්ලස් කොමිසමේ අභ්‍යන්තර වාර්තා සදහන් කළේය.
මෙම වත්කම් ඔහු මිලට ගත් බවටත් එවැනි වත්කමක් තමන් සතු වන බවටත් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය කාලයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති දිවුරුම් ප්‍රකාශ මගින් තහවුරු කොටගෙන ඇති හෙයින් ඔහුගේ මෙම නව ඉපැයීම් කෙසේ සපයා ගත්තේද යන්න පිළිබද විමසා බැලීම තවතවත් විමර්ශන සිදුවීමේ අවදානමක් මතුව එමින් ඇතැයි දැනගන්නට තිබේ.
තම බිරියගෙන් වෙන්වීම ඔහු යොමු කළ දික්කසාද නඩුවේදී විත්තියේ පාර්ශ්වය අවශ්‍ය වූ මොහොතක ඔහුගේ බැංකු ගිණුම් තොරතුරු, ඉඩකඩම් පිළිබද මෙන්ම ඒ සදහා අවශ්‍ය වන වෙනත් තොරතුරු සපයා දීමට කැමැත්තෙන් ඇතැයි වාර්තා වී තිබූ අතර පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බැංකු ගිණුම් තොරතුරු සමග පැමිණෙන්නැයි අළුත්ගමගේ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන්ට අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්ද කර තිබුණේය.
කෙසේ නමුත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ගිය දේශපාලනඥයන් මොවුන් පමණක් නොවන අතර තවත් බොහෝ දේශපාලනඥයන්ගේ මුල්‍ය උපයා ගැනීම් පිළිබද ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිතව ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ලැඛෙන වාර්තා සදහන් කළේය
පරීක්ෂණ ප්‍රමාණවත්ද?
අල්ලස් හෝ දූෂණ විමර්ශනය සම්බන්ධයෙන් ඇති මෙරට ආයතනයේ කි්‍රයාකලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද යන්න මීළඟට මතුවන ප්‍රශ්නයව තිබේ. දැනට ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ක්‍රියාත්මක වීමේ වේගය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තුළ ඇත්තේ අකැමැත්තක් හා අප්‍රසාදයකි.
විශේෂයෙන් බලය අඩු නිලධාරින් විසින් ලබාගනු ලබන සුළු පරිමාණයේ අල්ලස් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දැවැන්ත තෝරුන් මෝරුන් සිදුකරන්නේ යැයි කියැවෙන දූෂණ චෝදනා අරබයා ක්‍රියාත්මක වීමේදී දක්වන්නේ මන්දෝත්සාහී බවකැයි යන්න දැඩි චෝදනාවකි.
පසුගිය කාලවකවානුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් සිදුකරනු ලැබූ අල්ලස් ලබාගැනීම් අරබයා නීතිය ක්‍රියාත්මක කිරීම සදහා මෙම කොමිසම කටයුතු කළද ජාතික තලයේ දේශපාලනඥයන්ගේ විෂයේදී මෙම තත්ත්වය දක්නට නොලැබිණි. කෙසේ නමුත් මේ වනවිට මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් පරීක්ෂණ සිදුකිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම උත්සුක වෙමින් ඇත්තේ දේශපාලනික වශයෙන් අඩපණ කළ යුතු චරිත රැසක් පිළිබද ආණ්ඩුවේ ඉහළම නියෝජිතයන්ගෙන් ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කරමින් බවද පැවසෙයි.
මෙලෙසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැඛෙන වාර්තා මගින් විමර්ශනය පවත්වාගෙන යෑම හෝ එය අඩාල කොට නවතා දැමීමට බලවතුන්ට තීරක බලය හිමිවෙන ආකාරයට මෙම පරීක්ෂණ යොදවා ගැනීමේ අවදානමක් මතුව ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සදහන් කරයි.
ඉදිරි වසර මැතිවරණ වසරක් වන බැවින් එහිදී පක්ෂ මාරු කිරීමේ අරමුණෙන් සිටිතැයි සැක කරන ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි දැනගන්නට ඇති අතර මේවා ඉදිරියට යෑම හෝ නවතා දැමීම දේශපාලන බලවතුන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීමේ වැඩි ඉඩකඩක් නිර්මාණයවී ඇතැයි තතු දත් ආරංචිමාර්ග සදහන් කළේය.
මේ බව සනාථ කරමින් පසුගිය සති අන්ත පුවත්පත්වල දේශපාලන ලිපි රැසක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීමට යාමට ඇති දින කල්දමාදීමේ බලපෑමක් සම්බන්ධව කරුණු දක්වා තිබුණේය.
මේ නයින් බලන කල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දේශපාලන බලපෑම්වලින් තොරව, වැරැදිකරුවන්ට සැබෑ ලෙස දඩුවම් ලබාදිය හැකි ආයතනයක් බවට පත් කරන්නට මෙරට සිවිල් සමාජ, ජනතාව හා දේශපාලනඥයන් ඇප කැපවිය යුතු කාලය එළැඹ ඇතැයි පැවසිය යුතුව ඇත.
නොරොච්චෝල විදුලි බලාගාරය සම්බන්ධයෙන් සදහන් වන කාරණාවලින් මෙන්ම එම සමාගම මෙරට ස්ථාපනය කළ චීන සමාගමට ශ්‍රී ලංකාවේ විශාලතම ජල යෝජනා ක්‍රමයේ ටෙන්ඩර් ලබාදීම සම්බන්ධයෙනුත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම් සිදුකළ නමුත් ඒ සියල්ල හුදු විරුද්ධ පක්ෂයේ සාම්ප්‍රදායික විරෝධතා ලෙසින් යටපත්ව තිබීමත්, ජනතාව මේ පිළිබද අවධියෙන් නොසිටීමත් කනගාටුදායක වන බැවින් ජනතාව නිසි පරිද අවධි කිරීමේ වගකීම් විපක්ෂයේ දේශපාලනඥයන් හා ජනමාධ්‍ය මෙන්ම සිවිල් සමාජ පෙරමුණ ගත යුතු කාලය එළැඹ ඇත.
- කසුන් ඉරුගල්බණ්ඩාර

Put the internet to work for you.
Post a Comment