පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් තමන් සකෘදාගාමී වී ඇතැයි පවසමින් ගෙනයන ප්‍රචාරය අභියෝගයට ලක් කරමින් ගිහියන් 3 දෙනෙකු මේ වනවිට උන්වහන්සේට අභියෝග කර තිබේ.
එම අභියෝගයන් බාරගනිමින් උන්වහන්සේ පවසන්නේ වාද කිරීමට තමන්ගේ කැමැත්ත ඇත්තේ උගත්, ධර්මධර, විනයධර, මාතිකාධර, බහුශ්‍රැත, සත්‍ය අවබෝධ කල භික්ෂූන්වහන්සේ කෙනෙකු සමඟ මිස කිත්සිරි දයානන්ද වැනි කබරගොයෙකු සමඟ නොවන බවයි.
එබැවින් එවැනි භික්ෂූන්වහන්සේ නමක් තමන්ගේ අභියෝගය බාරගතයුතු බවත්, එවැනි භික්ෂුවකට තමන් ඉදිරියේ සිටගැනීමට පුරුෂ ශක්තියක් නොමැති නම් හෝ එවැනි භික්ෂුවක් සත්‍ය ලෙසම නොසිටීනම් හෝ අභියෝගය බාරගැනීමට බියක් පැකිලීමක් තිබේ නම් පමණක් එකම නියෝජිතයා ලෙස ආනන්ද මහතා හා වාද කිරීමට සිරිධම්ම හිමියන් එකඟත්වය පල කර තිබේ.
ආනන්ද මහතා සමඟ සංවාදයකට එකඟත්වය පල කලද ඔහු කවුරුන්ද්යි දැනගැනීමට ඔහු සොයා යා යුතු බවත්, තමන් බලාපොරොත්තු වූයේ ලිපිනයක් නොමැති එහෙත් නමක් පමණක් සිටිනා රටේ වීර ප්‍රසිද්ධ සාධු සම්මත අයෙක් මේ අභියෝගය බාරගනු ඇති බවයි.
තමන්ට අවශ්‍ය තමන් දේශනා කරන මාර්ගය නිර්වාන මාර්ගයම බව සියළුදෙනා ඉදිරියේ ප්‍රකාශ කිරීම බවත්, ආනන්ද මහතා වැනි සාමාන්‍ය පුද්ගලයින් සත්පතා තම ආශ්‍රමය වෙත පැමිණ මේ පිළිබඳව සාකච්ජා පවත්වන බවත්, සිංහයෙකුට අභියෝග කළ යුත්තේ තවත් සිංහයෙකු හෝ හස්තියෙකු බවත් පවසයි.
එහෙත් අභියෝග කිරීමට බලවත් සත්ත්ත්වයෙකු නොමැති නම් වෙනත් සතෙකුගේ අභියෝගයක් බාර ගැනිමට සිදුවන බවත්, මේ සිදුව ඇත්තේද එවැන්නක් බවටත් පවසයි.
උන්වහන්සේට අභියෝග කළ තුන් දෙනාටම පිටපත් යැවූ බව ලිපිය අවසානයේ සඳහන්ය.
පිටිදූවේ හිමියන්ගේ එම සම්පූර්ණ ලිපිය මෙතනින්.
ඒ පිළිබඳව පිටිදූවේ හිමියන්ගේ අදහස් දැක්වීමක් පහතින්.
උන්වහනේදේ එම ලිපියට පිළිතුරු වශයෙන් කිත්සිරි ආනන්ද මහතා පවසන්නේ තමන් ලද උපාධි හා පශ්චාත් උපාධි, කළමනාකරණය වැනි කුසලතා උන්වහන්සේගේ අභියෝගය භාර ගැනීමට අදාළ නොවන බවත්, දහස් ගණනක් ගෞරවනීය ස්වාමීන් වහන්සේට, දහම් පාසල්, පෙර පාසල් හා ජාත්‍යන්තර පාසල් ගුරුවරුන්ට ධර්මය හා ගුරු උපදේශ දීම විදුහල්පති තනතුරු දැරීම උක්ත කරුණ සඳහා තමන්ට වැදගත් නොවන බවත්, තම නමට යටින් සඳහන් කෙළේ තමන් ආධ්‍යාත්මික ගවේෂකයෙක් යන්න පමණක් බවත්ය.
මම බුදු දහම දන්නේ නෑ- බුද්ධශාසන ලේකම්
ඇතැම් භික්ෂූන්වහන්සේ "අරහත්" යැයි පැවසීම සම්බන්ධව කෙරෙන ප්‍රකාශ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඇසූවිට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.කේ.බී දිසානායක පවසන්නේ විවිධ පුද්ගලයන් විවිධ මත ප්‍රකාශ කලත් තමන්ද බුදු දහම හා ධර්මය නොදන්නා බවයි.
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිව හැකි නිසා කවුරුන් හෝ කිසියම් දෙයක් පැවසූ පමණින් බුද්ධශාසනය විනාශ වෙනවා යැයි තීන්දු ගන්නේ කෙසේදැයි ඔහු අසා සිටී.
-සම්බන්ධිත පුවත්-
පිටිදූවේ සිරිධම්ම හිමි නැවතත් කරලියට
කෝනාගම බුදුහාමුදුරුවන්ට චයිනීස් සෙරෙප්පුත් තිබුණා
පිටිදුවේ සිරිධම්ම හිමියන්ට අභියෝගයක් !
මිත්‍යාදෘෂ්ටික සමන්ත භද්‍ර උමතු රෝගියෙක්- ඥානසාර හිමි
පිටිදූවේ සිරිධම්ම හිමිගේ රූපවාහිනී සංවාදය කවදාද?

Put the internet to work for you.
Post a Comment