රුපියල් හැත්තෑ අටදහස සහ එක්ලක්ෂ පනස් දහස වැනි මුදල් තැන්පත් කිරීමෙන් පැනෝරා සමාගම නව සාමාජිකයන් එක්රැස් කිරීම සිදුකරන ලදී. එහි ප්‍රතිලාභ ලෙස සතියට රුපියල් දස දහස බැගින් අවරුදු දෙකක් ලබාගතහැකි බව ඔවුන් පවසා තිබුණි.
මේ වනවිට පැනෝරා හි සාමාජික සංඛ්‍යාව හතලිස් දහස ඉක්මවා ඇතිඅතර තිස්ස , අම්බලන්තොට ආශ්‍රිතව දිවි ගෙවන පුද්ගලයන් ඔවුන්ගේ ඉඩකඩම්, රත්රන්, යාන වාහන උගස්කොට මුදල් තැන්පත් කොට ඇත. මේ අතර එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද වේ.
වෙනකක් තබා එම ප්‍රදේශයේ ගොවියන්ද ගොවිතැන අතහැර අන්තර්ජාලයෙන් දැන්වීම් බලා මුදල් ඉපයීමට පටන්ගෙන ඇත. මෙසේ රාජ්‍යය හා පෞද්ගලික ආයතන ගණනාවක සේවකයන් ඔවුන්ගේ රැකියාව පසෙකලා මෙම මුල්‍ය ආයතන වටා එක්වී ඇත්තේ රාජකාරි කාලය සතියකටම විනාඩි පහක් වීමය. එම විනාඩි පහ තුල නැරඹීම සඳහා එම ප්‍රදේශයේ කළු දොදොල් වෙළඳ දැන්වීමේ සිට යූ ටියුබ් වෙතින් ලබාගත් කොකා කෝලා පෙප්සි වෙළඳ දැන්වීම්ද නැරඹිය යුතුය.
මෙම මාදිලියේ advertising මොඩලයන් ලංකාව පුරා පිළිලයක් ලෙස ව්‍යාප්ත වී ඇත. මෙම ව්‍යාපාර හේතුවෙන් අතුරු ව්‍යාපාරද බිහිවී ඇත. රුපියල් තිහක් ලබාදී දැන්වීම් බැලීමට ඉඩ ලබාදෙන වෙළඳසැල් ඒ අතර ප්‍රධාන වේ.
මෙම මුල්‍ය ව්‍යාපාරයේ මෑතක් වනතුරු පුවත්පත් දැන්වීම් පල නොකළ අතර මිනිසුන් අතරට ගියේ කට කතා මාර්ගයෙනි. මෙහි නව සාමාජිකත්වය ලබාගත හැකි වන්නේ ආයතනයේ දැනටමත් සාමාජිකත්වය ලැබූ කෙනෙකු හරහාය. ඒ වෙනුවෙන් ඔහුට හිමිවන කොමිස් මුදල රුපියල් තුන්දහසකි. පැනෝරා ආයතනයට මේවනවිට ඔවුන්ගේ ව්‍යාපාර ලෙසින් නගරයේ හාල් මෝල්, තුනපහ මෝල්, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් ඇත.අඟුණකොළ පැලැස්සේ ඉන්ධන පිරවුම් හල ඔවුන් විසින් මිලට ගෙන ඇත්තේ කෝටි හයකට අධික මුදලක් වැය කරමිනි.
සාමාජිකයන්ට ප්‍රතිලාභ ලබා දීමේදී දෙසතියක් හැර සතියක් මෙම ෆුඩ් සිටි මගින් වවුචර් පත් හරහා භාණ්ඩ ලබා දීමද මෙම ව්‍යාපාරයේ තවත් උපක්‍රමයකි. මෙම ආයතනය මුල්කාලයේ ගණදෙනු සිදුකරනු ලැබුවේ සම්පත් බැංකුව විසින් වන අතර ඉන් ඇතිවූ අර්බුධකාරී තත්වයන් හේතුවෙන් සෙලාන් බැංකුව වෙත යොමුවී තිබුණි.
දිනකට තැන්පත්කරුවන් සාමාජිකයන් සියගණනක් සාමාජිකත්වය ලබාගැනීම නිසා බැංකුවේ පැනෝරා කවුනටරය නමින් විශේෂ කවුන්ටරයක්ද තිබී ඇත. සාමාජිකයන් බොහොන් දෙනෙකුට මේවනවිට ප්‍රතිලාභ නොලැබී යාම නිසා පැනරෝමා ආයතනය අරපතල අර්බුධයකට මුහුණ දී තිබේ.
500% අධික පොලි අනුපාතයකට ප්‍රතිලාභ ලබාදීම ප්‍රායෝගික නොවන බැව් එහි බොහෝ පිරිසකට මේවනවිට අවබෝධ වී ඇත. එහෙයින්මෙයට දින කිහිපයකට ප්‍රථම සෙලාන් බැංකුවද ඔවුන්ගේ ගිණුම් මෙහෙයවීමෙන් ඉවත් වී තිබුණි.
මේවනවිට පැනෝරා විසින් ගනදෙනු කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ අම්බලන්තොට මහජන බැංකුවේ ශාකව වේ.වෙනදා සාමන්යපරිදි ගණදෙනු සිදුවන මහජන බැංකුවේ මහජන බැංකුවේ ගිණුම් ආරම්භ කිරීමට සමාගම උපදෙස් දුන් දිනට පසු දින සාමන්‍යය පාරිභෝගියෙකුට තම බැංකු කටයුතු ඉටු කරගැනීමට නොහැකි වන මට්ටමට ජනතාව එක්රැස්ව තිබුනේ එහි නව ගිණුම් ආරම්භ කිරීමටය.
මෙතෙක් කල් මෙම මුල්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් නිහඬ පිලිවතක් අනුගමනය කලශ්‍රී ලංකා මහ බැංකුවද එම මුල්‍ය සමාගම් සම්බන්ධයෙන් දැන්වීම් පලකිරීමට පටන්ගෙන තිබේ.
Put the internet to work for you.
Post a Comment