බස් ගැන කතා කියන්න Skype

බස් ගැන කතා කියන්න Skype


පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ස්කයිප් (Skype) තාක්‍ෂණය යොදා ගැනීමට කටයුතු කරන බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක පවසයි.




අද (04) පෙරවරුවේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා විසදුම් ඒ මොහොතේම අමාත්‍යංශයට ලබා ගැනීම මෙහි අරමුණ බවයි. ස්කයිප් තාක්ෂණය ඔස්සේ මගී ජනතාවට පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතරම තාක්‍ෂණයෙන් දියුණු සමාජයක වෙසෙන මෙරට මගී ජනතාවට සිය ජංගම දුරකතනය භාවිත කරමින් විද්‍යුත් තැපෑල මගින් හෝ ස්කයිප් (Skype) මගින් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම මෙම ක‍්‍රමවේදය මගින් අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.



Post a Comment