ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ


හෙට දිනයේදී (05) ප්‍රදේශ කිහිපයකටම ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.




ඒ අනුව කොළොන්නාව,ගොතටුව, මාදින්නාගොඩ, වැල්ලම්පිටිය, රාජගිරිය සහ නාවල අවට ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරනු ලබන්නේ.කොළොන්නාව ජල පොම්පාගරයට සපයන විදුලිබලය අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.ඒ අනුව හෙට (05) පෙරවරු 08 සිට රාත්‍රී 08 වනතුරු ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබේ.



Post a Comment