Derana City Of Dance කිරුළ සජිතට - සුරාජ් මපා ත්‍යාගය ප්‍රත්ක්ෂේප කරයි

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සිව්වන අදියරේ තෙවැනි තැන දිනාගත් නර්තන ශිල්පියකු හා නළුවකු වන සුරාජ් මපා සිය ත්‍යාගය ප්‍රත්ක්ෂේප කර දෙරණටම දී ගොස් ඇතැයි වාර්තා වේ. 

එම තරගයේ කිරුළ නළුවකු වන ජැක්සන් ඇන්තනිගේ පුත් සජිත අනුත්තර හා ඔහුගේ සහයිකාවට ලබාදී ඇත්තේ දේශපාලන අධිකාරියෙන් ලැබුණු අණකට අනුව බවට මේවන විට කතාවක් පැතිර ගොස් තිබේ. 

සජිතට එම කිරුළ හිමිවීමත් සමග ඔහුගේ පියා වන ජැකා උමතුවෙන් මෙන් වේදිකාව මත නර්තනයේ යෙදෙන්නට පටන්ගත් බවද පැවසේ. 

කෙසේවවුද අදාල සම්මාන දිනා ගැනීමෙන් පසුව ජැකාට හා පුතාට එය සමරන්නට ඔවුන් සමග අවසන් තරගයේ තරග වැදුන කිසිවකු නොපැමිණි බවද වාර්තා වේ. 

ඔවුන් සියලුදෙනාම ඊයේ රාත්‍රියේ රොක්වී ඇත්තේ මෙහි තෙවැනි තැන හිමිවූ, නොඑසේනම් නිල නොවන ජයග්‍රාහකයා බව සිතන සුරාජ් මාපාගේ නිවසේ බවද පැවසේ. 

සුරාජ්ට, දෙවැනි තැන හෝ නොදෙන්නට තීරණය වී ඇත්තේ ඉහලින් ලැබුණු අණ නිසා බවද වාර්තා වේ. ඒ සුරාජ් දෙවැනි තැනට හෝ නොපැමිණි බව ඇගවීම හරහා ජැකාගේ පුතා ඔහු ආසන්නයේ හෝ නැති බව පෙන්වීමේ කූට උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට බවද පැවසේ. 

මේ මහා තරඟයට අචිනි ගුණරත්න, හෂිනි ගෝනගල හා සුරාජ් මාපා එක්ව සිටි අතර එම තරඟය මහරගම ජාතික තරුණසේවා සභා රංග ශාලාවේ දී ඊයේ (10) රාත්‍රියේ පැවැත්විණ. 

එහිදී දෙවැනි ස්ථානය හෂිනි ගෝනගලටත්, තෙවැනි ස්ථානය සුරාජ් මාපාටත් සිව්වැනි ස්ථානය අචිනි ගුණරත්නටත් හිමිවිය. මෙම තරඟය ටී.වී. දෙරණ ඔස්සේ ඊයේ සවස සිට සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබුණි. 
ජායාරූප - දෙරණ වෙබ් අඩවියෙනි




IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment