ප්‍රවීණ නළු සිරිල් ධර්මවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට ටෙලි නාට්‍ය හා සිනමා නළුවෙකු වන සිරිල් ධර්මවර්ධන මහතා අද ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත වුණා.

පසුගිය වසර එකහමාරක පමණ කාලයක සිට ඔහු පෙනහළු පිළිකා රෝගයෙන් පීඩා වින්දේය. මෙල්බර්න් හි පීටර් මැක් පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී අද ඔහු දිවියෙන් සදහටම සමුගත්තා.


මියයන විට ඔහුට වයස 67 ක් වුණා. සිනමාව, වේදිකාව හා ගුවන්විදුලිය යන අංශ තුනේම ප්‍රශස්ත ශිල්පියෙකු ලෙස කටයුතු කළ සිරිල් ධර්ම වර්ධන මහතා කැළණි පාළම වේදිකා නාට්‍යය තුළින් තම රංගන ප්‍රතිභාවන් දැක්වූ අතර හිරුට මුවාවෙන් ආදී ජනප්‍රිය ටෙලි නාටක වලද කැපී පෙනෙන නළුවෙකු වූයේය.


ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙසත් දස්කම් දැක්වූ ඔහු සිනමා නිර්මාණවලටත් දායක වී සිටියේය. ඔහු මිය ගොස් තිබුනේ මෙල්බර්න්හි වාසය කරන තවත් කලා ශිල්පියෙකු වන ශ්‍රීනාත් මද්දුමගේ සේවය කරමින් සිටි රෝහලේදී ඔහු අසළ සිටියදී වීම විශේෂත්වයකි.  


මෙල්බර්න් නුවර වසර 5 ක පමණ කාලයක සිට වාසය කළ ධර්මවර්ධන මහතාට රෝගය ගැන දැනගන්නට ලැබුණ පසු ලංකාවේ කලාශිල්පීන් හා ක්‍රිකට් තරු කලකට පෙර එහි ගොස් ඔහු වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක්ද සංවිධානය කර තිබුනා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකුවූ ධර්මවර්ධන මහතා එක් දරු පියෙකි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment