CHOGM අද සිට හම්බන්තොටදී

අද පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන තරුණ සමුළුව ආරම්භ කිරීමට නියමිතය. 

මෙම තරුණ සමුළුව නොවැම්බර් අද සිට ලබන 14 දින දක්වා පැවැත්වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ තරුණ වැඩසටහන ,පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හුවමාරු කවුන්සිලය, යොෟවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම්තුමන් ප‍්‍රමුඛ සංවිධාන කමිටුව විසින් තරුණ සමුළුව සංවිධානය කරනු ලබයි. 

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමිමේලනයට සමාන්තරව පැවැත්වෙන සමුළු තුන අතරින් මෙම තරුණ සමුළුවට ප‍්‍රධාන තැනක් හිමිවන අතර අනෙක් සමුළු දෙක වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුව හා පොදු රාජ්‍ය මණ්ඩලීය මහජන සමුළුවයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment