CHOGM ව්‍යාපාරික සමුළුව අමතන ජෙම්ස් පැකර්

සුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර් මහතා, ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන එහි ව්‍යාපාරික සමුළුව අමතනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

කොළඹ කේන්ද්‍ර කොටගත් සිය ව්‍යාපාරික පුළුල් කිරීම් ගැන ඔහු විසින් සාමාජික රටවල් වෙත පැහැදිලි කරනු ඇතැයි එම වාර්තාවල දැක්වේ. 

මේ අතර, සංචාරක වීසා ලබාගෙන පැමිණි ජෙම්ස් පැකර් මහතාට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සමුළුවක් ආමන්ත්‍රණය කිරීමේදී, 

ඊයේ දිවයිනෙන් පිටුවහල් කල විදෙස් සෙනෙට් මන්ත්‍රීවරියන් දෙදෙනාට අදාළ වූ 'නීතිය' මෙහිදී අදාළ නොවන්නේදැයි අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, සංචාරක වීසා ලබාගෙන පැමිණියද ව්‍යාපාරික කටයුතු ගැන සාකච්ඡා කිරීමට එය බාධාවක් නොවන බවයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment