රියැදුරා සමග යහළුවී කුසගිනි නිවන කාරයක් එයි

රියැදුරා සමග 'යහළු' විය හැකි මෝටර් රථයක් නිපදවීමට ජපානයේ ටොයෝටා මෝටර් රථ සමාගම සමත්ව ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

නිශ්පාදකයන් පවසන පරිදි මෙම මෝටර් රථය රියැදුරාගේ සිතුවිලි කියැවීමේ සමත් අතර එම සිතුවිලි වලට ගැලපෙන ආකාරයට 'හැසිරීමටත්' සමත්ය.

උදාහරණයක් ලෙස රියැදුරා කේන්තියෙන් සිටින අවස්ථාවක ඔහුට සිත නිවන සංගීතය  වාදනය කිරීමට මෝටර් රථය කටයුතු කරයි. රියැදුරාට කුසගිනි යැයි හදුනාගතහොත් ළගම ඇති අවන්හලට යා හැකි වන සේ තම මාර්ග සැළැස්ම මෝටර් රථය සකස් කර ගනු ඇත.

නිෂ්පාදකයන්  කියන විදියට මෝටර් රථය රියැදුරාගේ සිතැගි හදුනාගනු ලබන්නේ මුහුණේ සටහන් වන හැගීම් ග්‍රහණය කර ගත හැකි සංවේදක පද්ධතියක් මගිනි. මෙම අරුම පුදුම මෝටර් රථය එළැඹෙන ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය. 


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment