උමාරියාට අතවර කලබව කී නිවේදක නිදහස්

ගිය වසරේ නොවැම්බර් දෙවැනිදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන රිය ගාලේදී ශ්‍රී ලංකා ජෑස් ගායිකා උමාරියා සිංහවංශගේ අතින් ඇද හිරිහැර කළැයි කියන ඉංග්‍රීසි එෆ් එම් නාළිකාවක නිවේදකයකු වන රැම්සේ ජේනූර් නඩුවෙන් ඊයේ (11) මුදා හරිනු ලැබුවා.

'භාතිය-සංතුෂ්' සංගීත කණ්ඩායමේ ගායක භාතිය ජයකොඩි සමග සිටිය දී ඇයට මේ අතවරය සිදුවීයැයි අධිකරණයේ දී කියැවුණා. ජේනූර්ගේ නීතීඥවරයා පැවසුවේ ඇය වසරක්ම ඔහුගේ පෙම්වතිය වූ බවයි. 


තවමත් වයස 22 වන වියේ පසුවන උමාරියා, තම සොහොයුරිය වන උමාරා සමග මෙන්ම භාතිය සන්තුෂ් සමග ගී ගැයීමෙන් ජනාදරයට පත්වුනා.

උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමගය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment