කැසිනෝ සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැ - උඩුවේ ධම්මිලෝක හිමියෝ

ලෝකයේ වෙනස්වීම්වලට අදාලව ශ‍්‍රී ලාංකිකයන්ද වෙනස් විය යුතු බැවින් මෙරට තුල කැසිනෝ ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසිද්ධ ධර්ම දේශකඋඩුවේ ධම්මිලෝක හිමියෝ පවසති. 

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගෝකය හා එක්ව ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකිකයන්ට හුදෙකලා ගමනක නිරත විය නොහැකි බවයි. එබැවින් ශ‍්‍රී ලාංකිකයන්ට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරා කැසිනෝ රට තුල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද උන් වහන්සේ කීහ.

සංචාරකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීම තුලින් රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති. 'ඇත්තටම ඔය කැසිනෝ සම්බන්ධ පනතවත් ඊට අදාල කරුණු කාරණා පිළිබඳවත් මම තාම නියවලා නෑ. 

ඒ නිසා ඒ ගැන මට තාම ප‍්‍රබල හැදෑරීමක් කරන්න බැරි වුණා. එනිසා පනත සම්බන්ධයෙන් මට යමක් කීමට අපහසුයි. නමුත් කිව යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන් රටක් හැටියට අපි මේ කරුණ සම්බන්ධයෙන් ස්ථාවරයක පිහිටිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. දැන් බලන්න සිංගප්පූරුව වගේ රටවල කැසිනෝ ව්‍යාප්ත වූ ආකාරය. 

අන්න ඒ නිසා මෙම කැසිනෝ සම්බන්ධ කරුණු ක‍්‍රියාත්මක විය යුත්තේ ශ‍්‍රී ලාංකිකයන්ට යාමට අපහසු වන පරිදි නීති සකස් කරලයි. අපේ රටේ මිනිස්සුන්ට යන්න බැරිවෙන්න යම් ප‍්‍රමිතිකරණයකට කැසිනෝ එනවා නම් එහි වරදක් නෑ. මොකද අපට විදේශිකයන්ට ඒ දේවල් තහනම් කරන්න බෑ. 

අනික සංචාරකයන්ගේ අභිමථාර්ත ඉටුකිරීම තුලින් මේ රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් එවැනි දේ රටට අවශ්‍යයි. මොකද ලෝකෙ වෙනස් වන විට අපිට එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ අවශ්‍ය ආකාරයට හැඩ ගැසිය යුතුයි. 

 මගේ විරුද්ධත්වය තියෙන්නෙ මේ කැසිනෝ සඳහා ශ‍්‍රී ලාංකිකයන් යාම මතයි. බුදු දහමට අනුව එය අපට අනුමත කරන්න බෑ. එනිසා පැහැදිලිව කිව යුතුයි කැසිනෝවලට මගේ විරුද්ධත්වයක් නෑ කින කාරණය. හැබිය් ඒවා නියත වශයෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ට තහනම් විය යුතුයි' යයිද උන් වහන්සේ කියා සිටිති.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment