CHOGM චාල්ස් කුමරුට නැරඹීම සඳහා සුසාන භූමිය එළි පෙහෙලි කෙරේ

ලබන සතියේ කොළඹදී ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එන බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරුට නැරඹීම සඳහා මහනුවර ගැරිසන් සුසාන භූමිය එළි පෙහෙලි කෙරෙමින් තිබේ. 

මෙම සොහොන ගැරිසන් සුසාන භූමිය වශයෙන් හැඳින්වෙන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාව පිහිටි බිමට මදක් ඉහලින් පිහිටා ඇති මෙහි යටත් විජිත යුගයේ දී මියගිය ඉංග‍්‍රීසි ජාතිකයන්ගේ සොහොන් කොත් තිබේ.

ඉංග‍්‍රිසි ජාතික ප‍්‍රභූවරුන් වැවිලි කටයුතු සදහා පැමිණි ඉංග‍්‍රීසි ජාතිකයන් වසූරිය හා මැලේරියාව හේතුවෙන් විශාල වශයෙන් මියගොස් ඇති අතර ඔවුන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ සොහොන් කොත් ද සියයකට ආසන්න ප‍්‍රමාණයක් ද මේ අතර වේ. 

බි‍්‍රතාන්‍යයන්ට උඩරට අත්පත් කර ගැනීම සදහා විශේෂ මෙහෙවරක් සිදු කල ජෝන් ඩොයිලිගේ සොහොන් කොත ද එහි පිහිටා තිබේ. මෙරටදී මිය යන විදේශිකයන්ගේ මිනී තම රට කරා යැවීම සදහා වූ පහසුකම් නොතිබූ නිසා ඉංග‍්‍රීසි ජාතිකයන් මෙම සොහොන ඉදි කර ඇති අතර එය මෙතෙක් නඩත්තු කරනු ලැබෙන්නේ බි‍්‍රතාන්‍ය රජය විසිනි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment