සෑබෑ ලෙසින් සේවය කරන්නේ කවුරුන්ද?

සෑබෑ ලෙසින් සේවය කරන්නේ කවුරුන්ද?


ජනතාවට සෑබෑ ලෙසින් සේවය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මෙරට ජනතාවට සෑබෑ අවබෝධයක් ඇති බව ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.




ජනාධිපතිවරයා මේ බව පැවුසවේ අද ඉත්තෑපාන ප‍්‍රදේශයේ ඉදි කරන ලද සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාගේ පිළිරුව නිරාවරණය කීරිමේ අවස්ථා එක්වෙමිනි. එහිදි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනතාව නිරන්තරයෙන් නියෝජිතයින් වෙනුවෙන් පෙනී සිටිමට සුදානම් බවයි. තව ද රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කන්නන්ගර මහතා ඉටු කළ කිසිදා නොමැකෙන සේවයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා. එතුමාට මෙරටේ නිදහස් අධ්‍යාපනය තිබෙන තෙක් සෑම දරුවෙකුම ණය ගැති බව ද මෙහිදී සඳහන් කළා. ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ පවතින ආණ්ඩුව එතුමාගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තීන් ආරක්‍ෂා කර ගනිමින් ඒවා වඩාත් අර්ථවත් අයුරින් ඉදිරියට ගෙන යාමට කැප වෙමින් සිටින බවයි.



Post a Comment