මහා පරිමාණයේ හොරු 4ක් මාට්ටු

මහා පරිමාණයේ හොරු 4ක් මාට්ටු


ත්‍රස්ත‍්‍රවාදි විමර්ශන කට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වු මහා පරිමාණයේ මුදල් කොල්ලකෑම් 12 ක් සිදු කරන ලද සැකකරුවන් 04 දෙනෙකූ අත්අඩංගුවට ගෙන තිබේ.




අදාළ සැකකරුවන් විසින් මුදල් කොල්ලකෑම් මෙසේය.


01. කොටහේන පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 69/2012 ට අදාළව 2012.04.05 වන දින සැකකරුවන් සුදු පැහැති ටොයෝටා ටවුන්ඒස් වෑන් රථයකින් පැමිණ කොටහේන කොමර්ශල් බැංකුවේ සිට මුදල් රැගෙනඑමින් සිටි පුද්ගලයෙකුගේ හිසට පොල්ලකින් පහර දි තුවාල සිදුකර රුපියල් ලක්‍ෂ 10 ක් පිකරිංස් පාරේ දී කොල්ලකෑම.



02. මෝදර පොලිස් ස්ථානයේ බල අපරාධ 23/13 ට අදාළව 2013.01.31 වන දින

2013.02.01 වන දින පැය 0500 ත් අතර කාලයේ අංක උඡු ඨක්‍ 9991 දරණ ලක්‍ෂ 21 වටිනා සුදු පැහැති ටොයොටා ටවුන්ඒස් වෑන් රථයක් අංක 41/1/ඒ මුදලිදු ජෝන් රුඃගූ මාවත, කොළඹ 15 ලිපිනයේ නවතා තිබියදි සොරකම් කිරීම.



03. පිටකොටුව පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 22/ 2013 ට අදාළව 2013.02.01 වන දින අංක 55 සාරංගා ජුවලර්ස් හෙටිටිවිදිය පිටකොටුවේදි විදේශ මුදල් හා රන් භාණ්ඩ ගෙන යමින් සිටි පුද්ගලයෙකූ සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඔහු සතුව තිබු රුපියල් ලක්‍ෂ 45 ක් වටිනා උන්ඩියල් මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑම.



04. කඳාන පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 81 / 2013 ට අදාළව 2013.04.05 වන දින කදාන හැටන් නැෂනල් බැංකුවේ සිට යුවලක් විසින් රැගෙන එන ලද දස ලක්‍ෂ පහලොස්දහසක් හා ජංගම දුරකථනයක් කාදන කපවුත්ත කල්එලිය මාර්ගයේදි සුදු පාට ටොයෝටා ටවුන්ඒස් වෑන් රථය යුවළ ගමන් කළ ති‍්‍රරෝද රථය හරස් කර පිහියෙන් අතට ඇන කොල්ලකෑම.



05. මෝදර පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 195 / 2013 අදාළව 2013.09.25 වන පැය 1245 ට පමණ අළුත්මාවත මහජන බැංකුව ඉදිරිපිටදි මෝදර එච්.එන්.බි බැංකුවේ සිටි කාන්තාවක් විසින් රැගෙන යන ලද රුපියල් පන්ලක්‍ෂ හතලිස්හතරදාහක මුදලක් කොල්ලකෑම සහ කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිම.



06. ජාඇළ පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 91 / 13 අදාළව 2013.03.19 වන දින මුන්ටා පාර ඒකලදි ජාඇළ හැටන් නැෂනල් බැංකුවෙන් මුදල් රුපියල් ලක්‍ෂ 03 ක් රැගෙන යමින් සිටි කාන්තාවක් හා තවත් පුද්ගලයෙකූ විසින් කාර් රථයකින් යමින් සිටියදි ඔවුන් පසුපස හඹා ගොස් කාර් රථය නවතා එහි සිටි කාන්තාවකගේ රුපියල් ලක්‍ෂ 03 ක් තිබු හෑන්ඩි බැගය කොල්ලකෑම.



07. අතුරුගිරිය පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 157/13 ට අදාළව 2013.05.03 වන දින

කොමර්ෂල් බැංකුවේ මුදල් රැගෙන කාර් රථයේ ගමන් කළ පිටිටුගල යශෝදරා විද්‍යාලය ඉදිරිපිට දරුවා ගැනිමට නතර කර සිටියදි කාර් රථයේ සිටි කාන්තාවක් බිය ගන්වා රුපියල් දසලක්‍ෂ පනස් හත් දහස් එකසියයක් කොල්ලකෑම



08. ජා ඇල පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 154 / 13 ට අදාළව 2013.05.28 වන දින

පොලිටෙක්ස් කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් ජා ඇළ හැටන් නැෂනල් බැංකූවෙන් රුපියල් ලක්‍ෂ 75 ක් රැගෙන වෑන් රථයෙන් එම කර්මාන්ත ශාලාවට ඇතූළු වන අවස්ථාවේ එම වාහනය පිටුපසින් පැමිණි වාහනයෙන් අවිගත් පුද්ගලයන් බැස අවි පෙන්වා බිය ගන්වා මුදල් රුපියල් ලක්‍ෂ 75 ක් කොල්ලකා ඇත.



09. පිටකොටුව පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 117/ 2013 ට අදාළව 2013.08.06 වන දින පැය 0330 ට පමණ අංක 55 සාරංගා ජුවලර්ස් හෙටිටිවිදිය පිටකොටුවදි සුදු පැහැති ටවුන්ඒස් වර්ගයේ වෑන් රථයකින් පැමිණි පිරිසක් ගිණි අවි පෙන්වා බියගන්වා රුපියල් ලක්‍ෂ 350 ක් පමණ වටිනා විදේශ මුදල් හා රත්තරන් කූරු කොල්ලකෑම ඒ සදහා ටි 56 අවි දෙකක් හා පිස්තෝලයක් භාවිතා කර ඇත.



10. කොටහේන පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 146 / 12 ට අදාළව 2012.08.03 වන දින සැකකරුවන් සුදු පැහැති ටොයෝටා ටවුන්ඒස් වෑන් රථයකින් පැමිණ කොටහේන වට රවුම අසල ශාන්ත ලූසියා පාරේදි ති‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවකට පිහියෙන් ඇන තුවාල සිදුකර මුදල් රුපියල් දස ලක්‍ෂ අටසියක් කොල්ලකෑම.



11. වත්තල පොලිස් වසමේ 2013 පෙබරවාරි මස කොමර්ශල් බැංකුවෙන් රුපියල් ලක්‍ෂ 07 1/2 ක් රැගෙන එමින් සිටි යුවලකට පිහියක් පෙන්වා එම මුදල් කොල්ලකෑම.



12. මෝදර පොලිස් වසමේ 2013 අප්‍රේල් මස දේවාල පාරේදි උන්ඩියල් මධ්‍යස්ථානක සිට රුපියල් ලක්‍ෂ 03 1/2 ක් රැගෙන එමින් සිටි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා එම මුදල් කොල්ලකෑම.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ වේරගොඩ කංකානමිගේ වීරසිංහ, සුනීත නොහොත් රුවන්, සංඝරාජගේ සුසිල් සිල්වා, හෙටිටිආරචිචිගේ ප‍්‍රසන්න සුජිව කුමාර සහ වටරැක ගමගේ අතුල සංජිව මදනායක යන අයයි.



Post a Comment