කැසිනෝ පනත සම්බන්ධයෙන් තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාට එක්සත් ජාතික පක්ෂය අභියෝග කර සිටියා.
අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ අභියෝගයට බයේ පැනලා දුවන බවයි. මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් කිසිදු දිනක කැසිනෝ බලපත්‍ර ලබා නොදු බවයි.
ආණ්ඩුව විසින් කැසිනෝ පනත සම්බන්ධයෙන් රටේ වැරදි මතවාදයක් ගොඩ නඟන්න උත්සහා කරන බව ද ඔහු මෙහිදී පවසා සිටියා. මන්ත්‍රිවරයා මෙහිදී අවධාරණයෙන් පවසා සිටියේ කැසිනෝ පනත සම්මත කර ගෙන තිබෙන්නේ 2010 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ බවයි.
මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියේ කැසිනෝට විරුද්ධව කතා නොකලහොත් මේ රටේ සිටින මහජනතාව එක්සත් ජාතික පක්ෂයට ශාප කරන බවයි. එමෙන්ම තමා කිසි විටකත් කැසිනෝ සම්බන්ධයෙන් කතා කිරීමට බිය නොවන බව ද ඔහු මෙහිදී පවසා සිටියා.
Post a Comment