ජාත්‍යන්තර විශ්ව සමුළු සම්මාන උළෙලේදී ලංකාවටත් සම්මානයක්

ජාත්‍යන්තර විශ්ව සමුළු සම්මාන උළෙලේදී ලංකාවටත් සම්මානයක්


2013 ජාත්‍යන්තර විශ්ව සමුළු සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට සම්මානයක් හිමිවී තිබේ.




දේශීය හා විදේශීය තොරතුරු තාක්‍ෂණ විද්වත්හු හා නිර්මාණවේදින්ගේ සහභාගිත්වයෙන් ගල්කිස්ස මහ හෝ‍ටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්විය.


මෙම සම්මානය හිමිවී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ වීසා අයැදුම් කිරීමට සකස් කරන ලද ක්‍රමවේදය සඳහයි. විශ්ව සමුළු සම්මාන උළෙල සඳහා රටවල් 60 කට අධික ගණනක තොරතුරු තාක්‍ෂණ නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය.


ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම ඉතා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින බව විශ්ව සමුළු සම්මාන කමිටුවේ සභාපති ආචාර්ය පීටර් බෘක් මහතා මෙහිදී සඳහන් කළා. එමෙන්ම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවති මෙම සමුළුව සහ සම්මාන ප්‍රදානෝත්සවය ඉතා සාර්ථකව පැවැත්වීම පිළිබඳව ස්තූති වන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා.



Post a Comment