"ඡන්ද ප්‍රතිඵල පෝලිමේ එනවා. පළවෙනිදා ඉඳලා බස්ගාස්තු වැඩිවෙනවා. පුදුමේ කියන්නේ අධිවේගී මාර්ගයෙත් බස්ගාස්තු වැඩිවෙනවලූ.
භාණ්ඩාගාරයට රජයේ ආයතනවල වියදමට සල්ලි දෙන්න නැහැ. චොගම්වලට කෝටි ගණන් වියදම් කරනවා. කොහොමත් ඉස්සරහට මේ නාස්තිකාර වියදම් නිසා ජනතාවට ලොකු වන්දියක් ගෙවන්න වෙයි. ඒක මහින්දට ගාණක් නැහැ. ආණ්ඩුව චොගම් ගැන කියලා ජනතාව අන්දන්න හදන්නේ මෙහෙම කියන්නේ ලාල් කාන්ත මන්ත්‍රීවරයා.
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී ඉදිරියේදී පැවැත්වීමට යන ඉල් මහ විරු සමරුව පිළිබඳවත් කැසිනෝ, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ආදිය පිළිබඳව කතා බහට ලක්වුණා.
"අයවැය ගැන කිසිම කතා බහක් නැතිකරලා. අපි අයවැය ගැන කතා කරන්න සාකච්ඡා 9;;ඉල්ලූවා. ඒ කිසිම දෙයක් මාධ්‍යවල නැහැ. අපිනම් ඒකට ඉඩ තියන්නේ නැහැ. වෘත්තීය සමිති සටන තවත් තීව්ර කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. වැඩබිම් ටික උණුසුම් කරලා කි‍්‍රයාමාර්ග ශක්තිමත් කරන්න ඕනෑ” ලාල්කාන්ත කියා සිටියා.
"චොගම් වසංගතයක් වගේ. හැමතැනම පැතිරෙනවා. අපි ඉල් සමරුව කරන්න හිටියේ කොළඹ විහාරමහදේවි එකේ. චොගම් නිසා ආණ්ඩුව දෙන්න බැහැ කිව්වා. ගාල්ලට ගියා. නගර ශාලාවත් බුක් කළා. අන්තිමට ඒකත් චොගම් එකේ වැඩකට ඕන කිව්වා. ඒ නිසා දැන් මාතරට යන්න වෙලා.” විජිත හේරත් කියා සිටියා."
"ආණ්ඩුව අධිරාජ්යවාදීණ්ගේ අත ඉඹලා පිළිගන්නවා. ජවිපෙ ඉතිහාසයෙත් රුජිණගේ ආණ්ඩුවට එරෙහිව අරගල කළා. රෝහණ සහෝදරයාට චෝදනාව තිබ්බේ රැජිණගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීම කියලා. අපි එදත් අධිරාජ්‍යවාදයට එරෙහිව වැඩ කළා. අපි අදත් අධිරාජ්‍යවාදයට විරුද්ධව වැඩ කරනවා. එහෙම රට වෙනුවෙන් දිවි පුදපු විරුවන් සිහි කරන්නත් ඒ අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා යටත්විජිත සමුළුවලින් බාධා එනවා. අපේ රටේ විරුවන් සමරන්න අපිට නිදහසක් නැහැ” සෝමවංශ අමරසිංහ කියා සිටියා.
මේ අතර ජවිපෙ ඉල්මහ සමරු උත්සවයේ සංවිධාන කටයුතු මාතර දිස්ත්‍රික් කමිටුවට භාරදුන් අතර එහිදී නව විමුක්ති ගී කිහිපයක්ද සමාජවාදී කලා සංගමය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
Post a Comment