සජිත් ඉල්ලා අස්වේ නායකයා රනිල්මයි - කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන එම සඳහා පිහිටුවන ලද නායකත්ව මණ්ඩලයට එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. 

තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයේ තැබීමට සහ කරු ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් සහ සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, රවී කරුණානායක, මංගල සමරවීර, තලතා අතුකෝරාල, රුවන් විජේවර්ධන, කබීර් හෂීම් හා ලක්ෂමන් කිරිඇල්ල යන අයගේ සාමාජිකත්වයෙන් යුතු නායකත්ව මණ්ඩලයටද එහිදී අනුමැතිය ලැබී ඇත. 

මේ අතර මන්ත‍්‍රී සජිත් ප්‍රේමදාස මහතා එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. පේ‍්‍රමදාස මන්ත්‍රීවරයා පවසන්නේ මහා සංඝරත්නය සමග එකඟ වූ කරුණු ක්‍රියාත්මක වීමේ අඩුපාඩු අද රැස්වීමේදී පැවති බැවින් මහා සංඝරත්නයට ගරු කිරීමක් ලෙස තම නම ඉල්ලා අස් කර ගත් බවය.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment