බෙන්තොට ප‍්‍රාදේශිය සභාවේ එහි උපසභාපති රංජිත් වික‍්‍රමසිංහට පහර දීමේ චෝදනාව මත බෙන්තොට ප‍්‍රාදේශිය සභාවේ සභාපති ගයාන් සිරිමාන්න මහතාව අද පෙරවරු 11 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ඉදුරුව ප‍්‍රදේශයේ දී බෙන්තොට පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මස 28 වනදා දෙදෙනා අතර ප‍්‍රදේශිය සභාවේ මුදල් කමිටු රැුස්වීමේදී මෙම ගැටුම ඇති වී තිබේ. ඒ අනුව සභාපතිවරයා සහ උප සභාපතිවරයා යන දෙදෙනාම ඔවුනොවුන් දෙදෙනා විසින් එකිනෙකාට විරුද්ධව කරන ලද පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. ඔවුන් බලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
Post a Comment