සෞදියේ හොරෙන් හිටියොත් වැඩ වරදි

සෞදියේ හොරෙන් හිටියොත් වැඩ වරදි


පොදු සමා කාලය අවසන් වීමෙන් පසුව නීතිවිරෝධීව සෞදි අරාබියේ රැඳී සිටින ශ‍්‍රමිකයින් සොයා වැටළිම් ආරම්භ කර තිබේ.




අපරාධවලට සම්බන්ධ සංක‍්‍රමණිකයින්ට රටින් පිටවීම සඳහා අවසර නොදෙන බව සෞදි අරාබි මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සෙසු සංක‍්‍රමණිකයින්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් එරටින් පිටුවහ් කරන බවයි. නැවත සෞදි අරාබියේ රැකියා සඳහා ඇතුලූ වීමට ඉඩ නොලැබන බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ. තව ද මේ යටතේ වෙලෙඳ ආයතන, ඉදිකිරිම් ක්‍ෂේත්‍ර සහ ආපන ශාලා ඇතුළු විදේශිකයින් සේවය කරන ස්ථාන, කම්කරු පරීක්‍ෂක නිලධාරින් විසින් පරික්‍ෂා කිරීමට නියමිත බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



Post a Comment