සමුළුවේ බර ජනතාවට නෑ

සමුළුවේ බර ජනතාවට නෑ


රාජ්‍ය නායක සමුළුව අවසන් වීමත් සමඟ එම වියදම් පියවා ගැනීමට රජය ජනතාව වෙත බදු බර පනවන බවට ඇතම් පිරිස් චෝදනා කරන බවත් සමුළුවේ වියදම ජනතාවගේ ජීවන මට්ටමට දැඩි බලපෑමක් නොකරන බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.




අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) ගම්පොළ ජාතික උරුමය මධ්‍යස්ථානයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.


රටවල් 53ක රාජ්‍ය නායකයන් මේ සඳහා සහභාගීවීමට නියමිතව ඇති අතර දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයෙන් අනතුරුව මෙවැනි අන්තර් ජාතික සමුළුවක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වන බවත් මෙම සමුළුව මගින් ශ්‍රී ලංකාවට ලෝකයේ ප්‍රමුඛ පෙළේ ස්ථානයකට පත්වීමට හැකි වන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,


"ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවේ පවත්වන මෙම අන්තර් ජාතික සමුළුව විවේචනයට ලක් කළත් සමුළුව නිසා ශ්‍රී ලංකාවට වාසි දායක තත්ත්වයන් රැසක් උදා වෙනවා. මේ මගින් අපේ රටේ ආයෝජන අවස්ථා ඉහළ නැංවිය හැකි අතර ඒ මගින් සේවා නියුක්ති ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට ද අවස්ථාව ලැබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවෙන් රබර් විශාල වශයෙන් අපනයනය කළත් අපට ඉන් ලැබෙන්නේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායමක්. නමුත් අප ටයර් මිලදී ගැනීමේ දී ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට සිදුවෙනවා. අපේ අමු ද්‍රව්‍යවලින් නිමි භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන මෙවැනි අනවශ්‍ය වියදම් කිරීම් අඩු කිරීමට අප මේ සමුළුව මගින් අවස්ථාවන් උදා කර ගන්නවා.


අද වන විට ලංකාවේ රැකියා වියුක්තිය අවම කොට වැඩි රැකියා අවස්ථාව ප්‍රමාණයක් ලබාදීමට මේ සමුළුවෙන් අනතුරුව අපට හැකියාව ලැබේවි. දැනට ලක්ෂ 08ක් පමණ වූ විදේශ සංචාරකයන් පැමිණීමේ ප්‍රමාණය ලක්ෂ 16ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සඳහා ද මේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව විශාල වශයෙන් උපකාර වනවා "



Post a Comment