මම තරම් වාසනවන්ත ඇමතිවරයෙක් නෑ

මම තරම් වාසනවන්ත ඇමතිවරයෙක් නෑ


ලංකාවේ සිටින අමාත්‍යවරුන් අතරින් තමන් තරම් වාසනාවන්ත ඇමතිවරයෙක් තවත් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.




අද (01)පස්වරුවේ පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝසේවා,වාර්ෂික තිළිණ ප්‍රදානොත්සවයේදී අමාත්‍යවරිය කියා සිටියේ තමන්ගේ අමාත්‍යංශයේ හා මණ්ඩලයේ සිටින නිලධාරින් හා සේවකයින් එක පවුලක දරුවන් සේ ක්‍රියා කිරීම ගැන තමන් ඉතාමත් සතුටු වන බවයි.


එහිදී අදහස් දැක්වූ නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය .....


පසුගිය කාලයේ ලංකාව තුල පැවති දරුණු ත්‍රස්තවාදී කාලයේදී රට තුල තිබු දැවැන්තම ප්‍රශ්ණය තමයි ජිවිත ආරක්ෂාව ගැන ප්‍රශ්ණය.නමුත් අතිගරු ජනාධිපතිතුමා හා ආරක්ෂක අංශය විසින් එම ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා අද ජනතාවට බයක් සැකක නැතිව ජිවත් වීමේ හැකියාව ලැබී තියෙනවා.නමුත් විදුලි බල මණ්ඩලයේ අපේ සහෝදර සේවකයින් එදාත් අදත් තමන්ගේ රාජකාරිය ඉෂ්ඨ කිරීමට මැලිකමක් දැක්වුයේ නෑ.ඒ ගැන මම ඉතාම ආඩම්බර වෙනවා.


එදා අපේ වගකීම් ජනතාවට ඉටු කිරීමට හැකියාව අඩු වුනා.නමුත් අදවන විට අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ වගකීම ජනතාවට ඉටු කරලා දෙන්න.එම වගකීම් ඉටු කිරීමේදී අමාත්‍යවරිය ලෙස මට කල හැකි වන්නේ විය යුතු දේ හා කල යුතු දේ ගැන බලපෑම් කිරීම පමණයි.නමුත් එම වගකීම් ඉටු කිරීම සම්පුර්ණයෙන්ම වගකීම තියෙන්න මගේ අමාත්‍යංශයේ පහලම සිටින කම්කරුවා සිට ඉහල ඉන්න නිලධාරියාටයි.නමුත් මට බය නැතිව කියන්න පුළුවන් මට සිටින සේවකයින් හා නිලධාරීන් සියුලු දෙනා එකා වගේ එක පවුලක දරුවන් වගේ ක්‍රියා කිරීම නිසා තමයි මම වාසනාවන්තම අමාත්‍යවරිය ලෙස සදහන් කලේ.



Post a Comment