වර්ජනය සාර්ථ්කයි

වර්ජනය සාර්ථ්කයි


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද - පරිපුරක - අතුරු වෛද්‍ය වෘත්තීමය සේවා සංකේත වැඩ වර්ජනය සාර්ථක බව එම වැඩ වර්ජකයින් පවසයි.




එම සෞඛ්‍ය වෘත්තීකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ හෙද - පරිපුරක - අතුරු වෛද්‍ය සේවාවන්ට සිදුවී ඇති දීමනා, වැටුප් හා වෘත්තීමය වරප‍්‍රසාද කප්පාදුවට සාධාරණ විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධව දිවයින පුරා දියත් කල එක්දින සංකේත වැඩ වර්ජනය කළ බවයි.


එම එක්දින සංකේත වැඩ වර්ජනය සදහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මධ්‍යම ලේ බැංකුව, මහරගම පිළිකා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ළමා රෝහල හැර අනිකුත් සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතනයන්හි සාමාජිකයින් මෙයට එක් වී තිබේ.


හෙද හෙදියන් විසින් සිදුකරනු ලබන සත්කාරක සේවාවන් එම නිසා අඩාල වු අතර පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින් සිදුකරනු ලබන රසායනාගාර පරික්ෂණ, එක්ස්රේ, සි.ටී., එමි. ආර්. අයි. පරික්ෂණ හා රෝගින්ට ඖෂධ නිකුත් කිරිම් කටයුතු සම්පුර්නයෙන්ම එම නිසා අඩාල වී තිබේ.


අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තින් 09 ක් වර්ජනයට එකතුවු අතර අක්ෂි තාක්ෂණ සේවා හා දන්ත කාර්මික සේවා කටයුතු, ඊ.සි.ජි., ඊ.ඊ.ජි. පරික්ෂණ කටයුතු, මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ රාජකාරි, කීට විද්‍යා සමීක්ෂන කටයුතු එම නිසා අඩාල වු බව ද එම සංගමය පවසයි.



Post a Comment