ඇත් දළ ‍විකුණන්න ගිය 4ක් මාට්ටු


ඇත් දළ දෙකක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් සිව්දෙනෙකු ඇතිමලේ, කුඹුක්හේයාය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


දඹුල්ල සහ මොණරාගල විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


එහිදී යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇතිමලේ, ගලේඅරාව සහ දඹගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවේය.


ඔවුන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment