නවසීලන්ත යොවුන් පිල ශ්‍රී ලංකාව පරදවයි

ශ්‍රී ලංකා -නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.
අයහපත් කාලගුණය හේතුවෙන් එක් පිලකට පන්දුවාර 23 බැගින් වු මේ තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව හිමිවු ලකුණු 198ක අසීරු ඉලක්කය පන්දුවාර 23කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 203ක් ලබාගනිමින් සපුරාලීමට නවසීලන්තයට හැකිවිය.

පන්දු 68කදී ලකුණු 86ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග‍්‍රාහණය කරා රැගෙනගිය ටොම් ලේතම්ට තරගයේ වීරයා සම්මානය හිමි විය.

නවසීලන්ත ඉනිමේ කඩුලු 4ක් ලකුණු 34 කට දවාගත් නුවන් කුලසේකර දක්ෂ පන්දුයැවීමක නිරතවුවද එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

තරගාවලියේ පළමු එක්දින තරගයද වර්ෂාව හෙතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

දෙරට අතර තෙවැනි හා අවසන් එක්දින තරගය 16දා පෙරවරු 9.45ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව (පන්දුවාර 23කදී) 138/1
(තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී)  55, කුමාර සංගක්කාර (නොදැවී) 71)

නවසීලන්තය (පන්දුවාර 23කදී) 203/6
(ටොම් ලේතම් 86, ලූක් රොන්චි 49, නේතන් මැකලම් (නොදැවී) 32, නුවන් කුලසේකර 4/34)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment