ඇමරිකාවෙන් නවීනතම ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව USS Gerald R. Ford

 ඇමරිකාව විසින් න්‍යෂ්ටික බලයෙන් පණගැන්වෙන නව කුලයක පළමු ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව බෞතීස්ම කර ඇතැයි වාර්තා වේ. යූ.එස්.එස් ජෙරාල්ඞ් ෆෝඞ් ලෙස නම් කර ඇති මෙම නෞකාව මෙතෙක් බිහිවූ ඉහළම තාක්ෂණික නිපැයුමක් ලෙස සැලකෙන අතර 2016දී ඇමරිකානු නෞකා බලඇණිය සමග එක්වීමට නියමිතය. 

වඑර 40ක් තුළ ඇමරිකාව විසින් නිර්මාණය කළ පළමු ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව මෙය වන අතර මෙතෙක් පැවති නිමිට්ස් කුලයේ නෞකා නිෂ්පාදනය කර ඇත්තේ 1972දීය. ෆෝඞ් නෞකාවන් 2057 දක්වා සේවය කරනු ඇතැ අපේක්ෂා කෙරේ. 

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවූ ජෙරාල්ඞ් ෆෝඞ්ගේ නමින් නම් කර ඇති මෙම සුපිරි නෞකාව සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම සඳහා වසර 12න් වැය වී ඇත. එය සේවයට වාර්තා කිරීම සමග යූ.එස්.එස් එන්ටර්ප‍්‍රයිස් නෞකාව විශ‍්‍රාම යනු ඇතැයි පැවසේ. 

ඇමරිකානු නාවික හමුදාවේ අද්මිරාල් ජොනතන් ග‍්‍රීනට් පවසන්නේ මේ තාක්ෂණික විස්මිත නිමැවුම මගින් නාවික බලඇණියේ නව යුගයක් ඇරඹෙනු ඇති බවයි. මීටර 330ක දිගකින් යුතු මෙය නවීන න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියක දෙකකින් සමන්විත අතර එමගින් පැවති ප‍්‍රමාණයට වඩා 250%ක වැඩි විදුලි බලයක් ජනනය කිරීමට හැකියාව ලැබේ. 

නව සැලසුමකට ඉදිකළ ගුවන් යානා ගොඩබස්වන දිවයිනක්, විද්‍යුත් චුම්භක විදිනයක් සහ වර්ධනය කළ අවි චලනය මගින් දෛනික මෙහෙයුම් 25%කින් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇති අතර රඳවා ගත හැකි ගුවන් යානා ප‍්‍රමාණයද ඉහළ යනු ඇත. 

යුධ අවස්ථාවකදී දිනකට ගුවන්ගතකිරීම් 220ක් සිදුකිරීමට මේ හරහා නාවික හමුදාවට අවස්ථාව හිමිවෙනු ඇත. කෙසේවෙතත් මේ සඳහා වැය වී ඇති මුළු මුදල ඩොලර් බිලියන 13ක් වනු ඇති අතර මේ වන විට 70%ක් වැඩකටයුතු අවසන් ව ඇති විටත් අපේක්ෂිත වියදමට වඩා 22%ක් වියදම ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.












IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment