මා සමඟ ප‍්‍රසිද්ද විවාදයකට එන්න Channel 4 මැක්‌රේට අභියෝග කරයි

ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන චැනල් 4 චිත්‍රපටය පිළිබඳව තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේට අභියෝග කරයි. 

තමා මැක්‌රේට ඇමරිකාවේදී අභියෝග කළ නමුත් ඔහු මග හැරියේ යෑයිද මේජර් ජෙනරාල්වරයා කියා සිටී. කැලම් මැක්‌රේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේ මේ විවාදය සුදුසු බවද හෙතෙම තවදුරටත් දක්‌වයි. 

මේ අතර යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ චැනල් 4 චිත්‍රපටය තිරගත කළ අවස්‌ථාවේ එහි ද්‍රවිඩ භාෂාවෙන් 
කරන ප්‍රකාශවලට දී ඇති ඉංග්‍රීසි පරිවර්තන මුළුමනින්ම 

වැරදි බව යුරෝපා ශ්‍රී ලංකා තානාපති ඒ හම්සා හෙළි කර ඇත.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment