සෞදි පොදු සමාව 8 වැනිදා අවසන්!

සෞදි පොදු සමාව 8 වැනිදා අවසන්!


සෞදි රාජ්‍ය තුල නීති විරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට හිමි පොදු සමා කාලය නොවැම්බර් මස 08 වනදායින් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනු ලබයි.




එම පොදු සමා කාලය තව දුරටත් දීර්ඝ කරන බවට සෞදි රජය දැනුම්දී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරයි.පොදු සමා කාලය පසුගිය ජුලි 03 වනදා දක්වා ලබාදී තිබුනද ශ්‍රී ලංකා රජය සහ සෞදි රජය අතර පැවති සාකච්චාවකින් අනතුරුව එය ලබන 08දක්වා දීර්ඝ කල බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.කෙසේ වෙතත් සෞදි රජය ලබා දුන් පොදු සමා කාලය තුලදී ලාංකික ශ්‍රමිකයන් 10000 මෙරටට පැමිණ ඇති අතර තවත් 6000 ශ්‍රමිකයන් පිරිසක් පොදු සමා කාලය තුලදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.



Post a Comment