වර්ජනය කරනවා- සෞඛ්‍ය සේවා අඩාල කරන්න එපා රජය

වර්ජනය කරනවා- සෞඛ්‍ය සේවා අඩාල කරන්න එපා රජය


වැටුප් විෂමතා, දීමනා ඇතුළු ඉල්ලිම් 6ක් මුල් කර ගනිමින් හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවය ඇතුළු වෘත්තීය සමිති 16ක් හෙට(01) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත විමට තීරණය කර තිබේ.




එම ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ හෙට(01) උදෑසන 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, මහමෝදර රෝහල, මහරගම පිළිකා රෝහල, කාසල් විදිය කාන්තා රෝහල, ද සොයිසා රෝහල අදාළ වර්ජනය සඳහා දායක කර නොගන්නා බව වැඩි දුරටත් සමන් රත්නප්‍රිය පවසයි.


සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බොහෝ වෘත්තීය ඉල්ලීම් රජය විසින් ඉටුකර ඇති අතර මෙම වැඩවර්ජනය පැවැත්වීමෙන් වළකින ලෙසත්, අසරණ රෝගීන් පිළිබඳව දැඩි අවධානය යොමු කර මානුෂිය හැගීමෙන් සමස්ත නිදහස් සෞඛ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙනයාමට සහයෝගය දෙන ලෙසත්, සියළු වෘත්තීය සමිති වලින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.


හෙට දිනයේදී ක‍්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබෙන වැඩවර්ජනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති සමග කටයුතු කරනුයේ ඉතාමත් සමීප සම්බන්ධතාවයන් මතයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුල ක‍්‍රීයාත්මක වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් සියල්ලම ලබාදීමට සෑමවිටම මෙම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එමෙන්ම එම වෘත්තීකයින් විසින් ලබාදෙන සේවාව සෑමවිටම ඇගයීමට ලක්කර ඇත.


එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ හෙට දින වැඩවර්ජනය සඳහා සහභාගි වන සෞඛ්‍ය වෘත්තිකයින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් අදාල සුදුසු නිර්දේශ මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙන බවයි.


එම අමාත්‍යංශය සඳහන් කලේ පසුගිය කාලය තුල එක් එක් සේවාවන් සඳහා ඉදිරිපත් කළ ඉල්ලීම්, ඔවුන් යෝජනා කළ ප‍්‍රමාණයනුත් ඉක්මවා යමින් ඉටු කිරීමට පියවර ගන්නා ලද්දේ සෞඛ්‍ය සේවයේ උන්නතිය සඳහා බවයි. නිදසුන් වශයෙන් අතුරු වෛද්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහා රු. 10,000 නිල ඇදුම් දීමනාව ප‍්‍රමාණවත් නොවන බව දැනුම් දුන් විට එය රු. 13,000 දක්වා වැඩි කරන ලදි. එමෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ලබාදුන් රු. 10,000 ක නිල ඇදුම් දීමනාව වෙනුවට එය රු. 12,000 දක්වා වැඩිකරන ලදි.


එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහා ගමන් වියදම් දීමනාව 1250 සිට 1750 දක්වාත්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනාව රු 250 සිට රු 750 දක්වා වැඩි කරනු ලැබීය. එමෙන්ම අතිකාල දීමනා සඳහා රේට් ක‍්‍රමයක් ඇරඹු අතර, 111ශ්‍රේණිය සඳහා රු. 90 ක් ද, 11 ශ්‍රේණිය සඳහා රු. 115 ක් ද, 1ශ්‍රේණිය සඳහා රු. 165 ක් ද විශේෂ ශ්‍රේණිය සඳහා රු. 190 ක් ද වශයෙන් අතිකාල දීමනා වැඩි කර තිබේ.


පරිපුරක වෛද්‍ය සේවා ගත් විට ඔවුන්ට ලබා දෙන අතිකාල දීමනා ද පසුගිය කාලය තුල ඉහළ දමා ඇත. 2013.01.01 දින සිට ඒ ඒ ශ්‍රේණීන් සඳහා රු. 95 - 195 දක්වා වැඩි කරන ලද අතර, අනතුරු දීමනා කාණ්ඩ දෙකක් යටතේ රු. 450 ක් සහ 350 ක් වශයෙන් මාසික අනතුරු දීමනා වැඩිකර තිබේ.


එසේම හෙද සේවාව ගත් විට එම වෘත්තීකයින්ට ද එම දීමනාවන් වැඩි කරන ලදි. ඒ අනුව මසකට රු. 400 ක් වශයෙන් ගෙවනු ලැබු අනතුරු දීමනාව පසුගිය කාලය තුල කාණ්ඩ දෙකක් යටතේ රු. 600 ක් සහ 750 ක් වශයෙන් වැඩිකරන ලදි.


ෙමි අන්දමින් නිල ඇදුම් දීමනාව රු. 9000 ක් වු අතර, එය පසුගිය මාස කිහිපය තුල රු. 13,000 දක්වා වැඩි කරනු ලැබීය. එසේම ඇමතුම් දීමනාව මසකට රු. 2000 ක් දක්වා වැඩිකළ අතර, ඉගැන්වීෙමි දීමනාව රු. 5000 - 10000 දක්වාත් වැඩි කරන ලදි.


සමස්තයක් වශයෙන් ගත් කළ සියයට 65 ක්ව තිබු අතිකාල දීමනා අනුපාතය සියයට 100 දක්වා වැඩිකරනු ලැබීය. නමුත් ඔවුන් විසින් දැනට එම දීමනාව සියයට 200 දක්වා වැඩි කරන ලෙස කරන ඉල්ලීම කිසිසේත්ම සාධාරණ නොෙවි. මක් නිසා ද යත් එය සමස්ත රාජ්‍ය සේවාව තුලම ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය කළ හැක්කකි. එමෙන්ම දැනට ඔවුන් විසින් ඉල්ලා තිබෙන මාසිකව රු. 10,000 ක දීමනාව ද වැඩි කිරීම සමස්ත රාජ්‍ය සේවාවටම බලපාන කාරණයක් වුවත්, දැනට ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කෙරෙමින් පවතී.


කෙසේ වුවද ගත වු කාලය තුල අතුරු වෛද්‍ය, හෙද, පරිපූරක, යන සියළු අංශවල ඉල්ලීම් සළකා බලමින් ඔවුන් අපේක්ෂා කළ ප‍්‍රමාණයටත් වඩා එම ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය. එම නිසා හෙට දින ක‍්‍රියාත්මක කිරීමට යෝජිත වර්ජනයට සම්බන්ධ සියළු වෘත්තීය සමිති වෙත ඉහත කරුණු අවධාරණය කර තිබේ.


පසුගිය වර්ෂ කිහිපයේ දී මෙන්ම විශේෂයෙන් මෑත භාගයේ බොහෝ වෘත්තීය ඉල්ලීම් රජය විසින් ඉටුකර ඇත. ඒ අනුව මෙම වැඩවර්ජනය පැවැත්වීමෙන් වළකින ලෙසත්, අසරණ රෝගීන් පිළිබඳව දැඩි අවධානය යොමු කර මානුෂිය හැගීමෙන් සමස්ත නිදහස් සෞඛ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙනයාමට සහයෝගය දෙන ලෙසත්, සියළු වෘත්තීය සමිති වලින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටි.



Post a Comment