කුඹුර වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සදහා (30) සවස 6 ත් අලූයම කාලයත් අතර තුළ විදුලි රැහැන් යොදා ගනිමින් නිවසින් අනවසරයෙන් කුඹුර වෙත විදුලිය ලබා ගැනීමට ගිය මවක් සහ පුතෙක් මිය ගොස් තිබේ.
මෙම මරණ සිදු වී තිබෙන්නේ පස්සර, පලාගොල් ප්රදේශයෙනි. මෙම සිද්ධියෙන් විදුලි සැර වැදී මිය ගොස් තිබෙන්නේ අවුරුදු 21 ක් වු රොෂාන් මාලින්ද සහ ඔහුගේ මව වන වයස අවුරුදු 58 ක් වු කුසුමාවතී යන අයයි. මොවුන් ෂතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා සවස් කාලයේ නිවෙසින් කුඹුර විදුලි ඇදීමක් සිදු කරයි. එදින ද විදුලි රැහැන් යෙදීමට ගිය අවස්ථාවේ පුතාට විදුලි සැර වැදී මිය ගොස් තිබේ. තම පුතා නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මවද කුඹුරට ගොස් තිබේ. ඒ අවස්ථාවේදී ඇයද, විදුලි සැර වැදී මිය ගොස් තිබේ. මෘත ශරීරයන් සම්බන්ධයෙන් මූලික මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පස්සර රෝහලට රැුගෙන ගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) දින සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.
Post a Comment