
අහංගම, දික්කුඹුර ප‍්‍රදේශයේදි අද (03) දින දෙමවුපියන් නිවසේ නොමැති අවස්ථාවකදි වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙකුට නිවස තුලදි විදුලි සැර වැදී තිබේ.
විදුලි සැර වැදිමෙන් අනතුරුව පිරිමි දරුවාව ප‍්‍රදේශවාසින් විසින් අහංගම, ගොන්නගහහේන රෝහල වෙත රුගෙන යාමට ප‍්‍රථම මියගොස් තිබේ. මෘත ශරීරය දැනට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය හෙට (04) දින පැවැත්විමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post a Comment