වර්ජනය සති 6කින් කල් යයි

වර්ජනය සති 6කින් කල් යයි


හෙට දිනයේදි පැවැත්විමට නියමිතව තිබු වැඩ වර්ජනය අවලංගු කර ඇති බව රජයේ වෛද්‍ය නිළදාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.




වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස් වීම් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කිරීමට විරෝධය දැක්වීම සඳහා එම සංගමය මෙම වැඩවර්ජනය සිදු කිරිමට තිරණය කර තිබුණි.නමුත් තම සංගමයේ ඉල්ලිම් සම්බන්ධයෙන් ව්සදුම් ලබා දෙන බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලබා දුන් පොරොන්දුව අනුව මෙම වැඩ වර්ජනය සිදු නොකිරිමට තිරණය කල බව වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් සදහන් කරයි.ඒ අනුව සති 06ක කාලයක් තෙක් මෙම වැඩවර්ජනය අත්හිටුවිමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තිරණය කර තිබේ.



Post a Comment