අද (03) පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තම පක්ෂය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තීරණය කළ බව දැනුම්දෙමින් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා පවසන පරිදි හෙතෙම ෆයිල් කවර අතේ තියාගෙන සිටින බවත්, ෆයිල් කවර අතේ තියාගෙන ඔඩොක්කුවේ සිටින හොරුන්ට කිරි පොවමින් සිටින බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී පාලකයා පැරදවීමටත් පක්ෂයේ ස්ථාවරත්වය රැක ගැනීමටත් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හෝ පොදු අපේක්ෂකයාට සහයදීම කළ හැකිව තිබුණු බව ඔහු පෙන්වාදුන්නේය.
එසේ වුවද මේ මොහොතේ වඩා ප්‍රමුඛතම කාරණය වන්නේ පාලකයා පරදවා රට යළි ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු කර ගැනීම බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට අවාසානයේ තීරණය කළ බව හෙතෙම අවධාරණය කළේය.
2010 ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයා ලෙස තනිව බොරළු පාරක ගමන් කළද, මෙවර මෛත්‍රීපාල මහතා බොහෝ පිරිසක් කැටුව අධිවේගයක ගමන් කරන බව ෆොන්සේකා මහතා කියා සිටියේය.
2010 වසරේදී මහින්ද රාජපක්ෂ රෙජිමයට එරෙහිව නැඟී සිටියේ මිලිටරි ජෙනරල් බවත්, 2015 දී නැඟී සිටින්නේ සෙකට්‍රි ජෙනරල් බවත්, ඉදිරියේදී ජෙනරල් පබ්ලික් නැඟී සිටීම අනිවාර්ය බවත් ඔහු අවධාරණය කළේය.
Post a Comment