වන අලි පහරින් වැලිකන්දේ අයෙකු මරුට

වන අලි පහරින් වැලිකන්දේ අයෙකු මරුට


පොළොන්නරැව වැලිකන්ද බෝවත්ත ප්‍රදේශයේ අද(3) දහවල් 12.00ට පමණ වන අලියකු පහර දීමෙන් 63 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇත.




නානායක්කාර වළල්ලගේ ගුණසේන නම් විවාහක පියෙක් වන මොහු අලියා ගේ පහර කෑමෙන් එම ස්ථානයේම මිය ගොස් සිටි බව වැලිකන්ද පොලීසිය පවසයි.


මෘත දේහය මේ වන විට පොළොන්නරැව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය හෙට (4) දිනයේ කිරීමට නියමිත බව රෝහල් පොලීසියේ ප්‍රකාශකයෙක් ලක් පුවත් වෙත පැවසීය.


පොළොන්නරැව චන්දික



Post a Comment