හොර නෝට්ටුවේ හොරු හොයයි

හොර නෝට්ටුවේ හොරු හොයයි


අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ව්‍යාජ මුදල් නෝට්ටු සිද්ධියේ සැකකරුවන් ඊයේ (28) කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.




එහිදී ප‍්‍රධාන සැකකරු දිමුතු නුවන් කුමාර සහ අනෙක් සැකකරු වන ඇලන් පේ‍්‍රම් ප‍්‍රදිප් පලිගුමුනි යන අය ලබන මස 07 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.


තවද ඊයේ අත්අඩංගුවට පත් තුන්වන සැකකරු වන අනුර සේනාරත්න භාරයේ තිබි රුපියල් 2000/- ව්‍යාජ නෝට්ටු 20 ක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ. එම සැකකරු අද දින කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු විසින් රුපියල් 2000/- ව්‍යාජ නෝට්ටු ලබාදි බවට තොරතුරු ඇති අනෙකුත් සැකකරුවන් සොයා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව පරික්‍ෂණ පවත්වයි.



Post a Comment