මත් කුඩු ළඟ තබා ගෙන සිටි 5ක් මාට්ටු


හෙරෝයින් මත් කුඩු ළඟ තබා ගෙන සිටි බව කියන සැකකරුවන් 05 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ඊයේ (18) වෙන්නප්පුව නගරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ළග හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 20 බැගින් තිබී ඇත.


ඔවුන් වෙන්නප්පුව - උල්හිටියාව,මැද නයිනමඩම සහ මාරවිල - හොරගොල්ල පදිංචිකරුවන්ය.


අනෙක් සැකකරුවන් දෙදෙනා සතුව හෙරෝයින් මිලි ග්‍රෑම් 15 බැගින් තිබී ඇත.


ඔවුන් මාරවිල - කටුනේරිය සහ කොස්වාඩියේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.


සැකකරුවන් අධික ලෙස හෙරෝයින් මත් කුඩු පානය කිරීමට ඇබ්බැහිවී සිටි අය බවට පොලීසිය හඳුනා ගෙන ඇත.


සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment