මෝටර් රථයක් ටිපර් රථයක ගැටී 3ක් එතනමයි

කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ගෝනගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද(16) උදෑසන මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.


කුරුණෑගල පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.



Post a Comment