විෂ නිවාරණ සතියක්

විෂ නිවාරණ සතියක්


ජාතික විෂ නිවාරණ සතියක් හෙට (28) සිට නොවැම්බර් 03 දක්වා ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.




මෙම කාලය තුළදී කිසියම් විසක් ශරීර ගත වීමේදී ගතයුතු ප්‍රතිකාර මෙන්ම ආරක්ෂාව සඳහා ගත යුතු පියවර පිළිබඳවද ජනතාව දැනුවත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වර්ෂයකට පුද්ගලයින් එක් ලක්ෂ විසිදහසක් පමණ විෂ ශරීරගත වීමෙන් රෝහල් ගත වන බවත් ඉන් 1000-1500ත් අතර පිරිසක් මරණයට පත් වන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. බොහෝ පිරිසක් කෘමිනාශක හෝ පලිබෝධනාශක හේතුවෙන් රෝහල් ගත වන බව වාර්තා වේ.


මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විෂ නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කළා.



Post a Comment