කනේරු ඇට කෑ සිසු-සිසුවියන් 6ක් රෝහලේ

කනේරු ඇට ආහාරයට ගත් බව කියන සිසු සිසුවියන් 06 දෙනෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ ආරච්චිකට්ටුව - මහාමාඑළිය කනිටු විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් පිරිසක් බව අද දෙරණ වාර්තාකරු පවසයි.


මෙසේ රෝහල්ගත කරන ලද පිරිසෙහි එක් සිසුවියක සහ සිසුන් 05 දෙනෙකු සිටින බව සඳහන්ය.


මෙම දරුවන් අද (27) පාසල් කාලය තුළදී කනේරු ඇට ආහාරයට ගැනීම සිදු කර ඇති බවත්,රෝහල් ගත කර ඇති දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් අප වාර්තාකරු කියා සිටියි.


එසේ වුවද ඔවුන් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත්, තාමත් ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.



Post a Comment