ගෙල වැලලාගෙන 15 හැවිරිදි සිසුවා මරුට

ගෙල වැලලාගෙන 15 හැවිරිදි සිසුවා මරුට


මාදම්පේ, ගල්මුරුව ප‍්‍රදේශයේ ඊයේ (26) සවස 5 ට නිවසක පාසල් ශිෂ්‍යයකු ගෙලවැලලාගෙන මිය ගොස් තිබේ.




සිද්ධිය සම්බන්ධයෙන් 119 ව්‍යාපෘතිය මගින් ලද පණිවිඩයක් අනුව මාදම්පේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මිය ගිය ශිෂ්‍යයා වයස අවුරුදු 15ක්වූ හෙට්ටිආරච්චිගේ හිරුන් සදුගම නැමැති එම නිවසේ පදිංචිකරුවෙකි. මරණකරුගේ මව විදේශගතවී ඇති අතර පියා හැරගොස් තිබේ. මෙම දරුවා ඔහුගේ මිත්තණිය සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඇය නිවසේ නොමැති අවස්ථාවේ නිවසේ සාලයේ බාල්කයේ ගෙලවැලලාගෙන මිය ගොස් සිටියදී හමුවී තිබේ. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණය සදහා හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ. ගෙලවැලලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්දයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment