මාදම්පේ දී බසයක් ගිනි ගනී

මාදම්පේ දී බසයක් ගිනි ගනී


මාදම්පේ, ගලහිටියාව 67 කිලෝ මීටර් කණුව ආසන්නයේ ඊයේ (26) රාත‍්‍රි 11.45 ට පමණ පුද්ගලික බස් රථයක් ගිනි ගෙන තිබේ.




සිද්දීය සම්බන්ධයෙන් 119 ව්‍යාපෘති මධ්‍යස්ථානය මගින් ලැබුණු තොරතුරකට අනුව මාදම්පේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ගිනි ගන්නා බස් රථය ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ. බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හට ගෙන ඇති බව තොරතුරු අනාවරණය වී ඇත. මෙම බස් රථය කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී ඉහත ස්ථානයේදී ගින්න හටගෙන තිබේ. බසය ගිනි ගන්නා අවස්ථාවේදී මගීන් 25 දෙනෙකු එහි සිට ඇත. නමුත් එහි සිටි කිසිවෙකුට තුවාල සිදුවී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment