අධිකරණ නියෝගය කැඩු සිසුන් 09 දෙනාට නොතිසි නිකුත් කෙරේ

අධිකරණ නියෝගය කැඩු සිසුන් 09 දෙනාට නොතිසි නිකුත් කෙරේ


සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පසුගිය 24 වනදා සැලසුම් කරන ලද උද්ඝෝෂන පාගමන සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.




එහි පැහැදිලිව සදහන්ව තිබූ තහනම් නියෝගය වන්නේ සබරගමුව විශ්ව විද්‍යාල භූමියේ සිට බලංගොඩ නගරය දක්වාවූ ගමන් මාර්ගයේ මීටර් 500ක දුරක් පඹහින්න හන්දිය දක්වා ගමන් කිරීමයි. නමුත් අධිකරණ නියෝග උල්ලංගණය කීරීමක් සම්බන්ධයෙන් 25 වන දින බලංගොඩ පොලිසිය මගින් අධිකරණය වෙත වැඩිදුර වාර්ථාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම උද්ඝෝෂණය මෙහෙයවූ කැදවුම්කරු සහ ශිෂ්‍යයන් 09 දෙනෙකුට අධිකරණ නියෝග උල්ලංඝනය කීරීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට නොතීසි පොලිසිය විසින් ඉල්ලා තිබේ. ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයා විසින් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කලේ ලබන මස 05 වනදා බලංගොඩ ගරු අධිකරණයේ පෙනී සිටීන ලෙසයි. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment