කැසිනෝ බලපත්‍ර වලට නීතිමයම ප්‍රතිපත්තියක් නෑ

කැසිනෝ බලපත්‍ර වලට නීතිමයම ප්‍රතිපත්තියක් නෑ


ලංකාව තුල කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීම සදහා කිසිදු නීතිමයම ප්‍රතිපත්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පවසයි.




ඊයේ දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අජිත් පෙරේරා මහතා කියා සිටියේ දැනට පවත්වාගෙන යන කිසිම කැසිනෝවකට බලපත්‍ර නොමැති බවයි.


එහිදී අදහස් දැක්වූ අජිත් පෙරේරා මහතා .....


ලංකවේ දැනට පවතින කැසිනෝ හා රේස් ව්‍යාපාර කිසිම එකකට නීතිමය අනුව බලපත්‍රයක් නෑ. නමුත් මේ හැම දෙකින්ම ආණ්ඩුව බදු ලබා ගැනීම සිදු කලත් ඒ හැම දෙයක්ම නීති විරෝධී ව්‍යාපාර. රජයට අවශ්‍ය නම් ඕනෑම මොහතක කැසිනෝ ව්‍යාපාර අත්අඩංගුවට ගෙන වසා දැමීම සිදු කළ හැකි බව අජිත් පෙරේරා මහතා එහිදී කියා සිටියා. සුදුව ලංකාවට විනාශයක් ගෙන එන බවත් කිසිම දවසක සුදුව යෙදෙන පුද්ගලයා ජයග්‍රහණය නොකරණ අතර සුදුව මෙහෙයවන පුද්ගලයා පමණක් ලාභ ලබමින් ජයග්‍රහණය කරන්නේ නෑ. එම නිසා සුදුව ලංකාව තුලින් ඉවත් කර ගැනීමට සියුළු ආගම් එකතු වී ව්‍යාපාරයක් ගොඩ නැගීමට කටයුතු කල යුතු බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.



Post a Comment